විනය කැඩූ නිදහස් පක්ෂ ප්‍රාදේශීය සභා සභාපතිවරුන් 10 කට ලිපි

Saturday, 13 February 2016 - 12:36

%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%90%E0%B6%A9%E0%B7%96+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+10+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව මගින් ඊයේ (12) ගනු ලැබූ තීරණවලට අනුව නිදහස් පක්ෂයේ හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරුන් 10 දෙනෙකු වෙත කරුණු විමසීමේ ලිපි යවනු ලැබූ බව පක්ෂ මහලේකම් දුමින්ද දිසානායක හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළා.

එමෙන්ම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එහි නායකත්වය විවේචනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් පක්ෂයේ විනය කමිටුව රැස්වී තීරණයක් ගැනීමට නියමිත බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

පක්ෂය සහ පක්ෂ නායකත්වය විවේචනය කරන සාමාජිකයින්ට එරෙහිව විනය පියවර ගැනීමට ඊයේ රැස්වූ නිදහස් පක්ෂයේ  මධ්‍යම කාරක සභාව තීරණය කළා.

එසේම පාර්ලිමේන්තුව තුළ නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට වෙනම කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට අවස්ථාව ලබා නොදීමටයි නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත්තේ.


නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තහවුරු කරගනී
Thursday, 06 August 2020 - 21:20

නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය ද මේවනවිට නිකුත්වී... Read More

ඉන්දීය අගමැති, අගමැති මහින්දට සුබ පතයි
Thursday, 06 August 2020 - 21:09

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, අග්‍රාමාත්‍ය මහින්ද... Read More

ප්‍රකාශිත ප්‍රතිඵල අනුව පොහොට්ටුව ඉදිරියෙන් - දුරකතනය දෙවන බලවේගය වේ
Thursday, 06 August 2020 - 20:47

2020 පාර්ලිමේන්තු මැතිවරණයේ මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල වලට... Read More