මෝදිට වරදී

Sunday, 14 February 2016 - 8:08

%E0%B6%B8%E0%B7%9D%E0%B6%AF%E0%B7%92%E0%B6%A7+%E0%B7%80%E0%B6%BB%E0%B6%AF%E0%B7%93
සමාජජාල වෙබ් අඩවි බහුලව භාවිත කරන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට සිදුවූ අත්වැරැද්දක් පිළිබඳව ලොව පුරා මාධ්‍යවල අවධානයට ලක්වුණා.

සිය සෑම පියවරක්ම ට්විටර් පණිවුඩයක් මගින් ප්‍රකාශ කරන ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඇෆ්ගන් ජනාධිපති අෂ්රෆ් ඝානිට උපන්දින සුබපැතුමක් යොමුකර තිබුණා.

සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරන අතරම ඔබට දීර්ඝායුෂ සහ යහපත් සෞඛ්‍යයක් ලැබේවා යැයි අග්‍රාමාත්‍ය මෝදි ඇෆ්ගන් ජනාධිපති අෂ්රෆ් ඝානිට සුබ පැතුවා.

කෙසේ නමුත් ඒ වනවිට ජර්මනියේ ආරක්ෂක සමුළුවකට සහභාගිවීමට ගොස් සිටි ඇෆ්ගන් ජනාධිපතිවරයාගෙන් මෝදිට ලැබී ඇත්තේ අනපේක්ෂිත පිළිතුරක්.

මගේ උපන් දිනය මැයි 19 වනදා වුවත් ඔබේ සුහද වදන්වලට ස්තූතියි යන්න ඇෆ්ගන් ජනාධිපතිවරයා ට්විටර් පණිවුඩයක් මගින්ම ප්‍රතිචාර දක්වා තිබුණා.

ගූගල් සෙවිල්ල ඔස්සේ ඇෆ්ගන් ජනාධිපතිවරයාගේ උපන් දිනය පෙබරවාරි 12 වනදා ලෙස සටහන්වීම ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට මෙම අත්වැරදීම සිදුවීමට හේතුව ලෙස සැළකෙනවා.

කෙසේ නමුත් විදෙස් මාධ්‍ය සඳහන් කළේ මෙම පණිවුඩ දෙකම ඉන්දීය අග්‍රාමාත්‍යවරයා හෝ ඇෆ්ගන් ජනාධිපතිවරයා විසින් සකස් කරන ලද ඒවා විය නොහැකි අතර, ඒවා ඔවුන්ගේ මාධ්‍ය කළමනාකරුවන් හුවමාරු කරගන්නට ඇති බවයි.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ සමාජජාල වෙබ් අඩවි මෙහෙයවීමට විශේෂ කළමනාකරුවෙකු පත්කර තිබෙනවා.