මෝදිට ලියූ ජයලලිතා

Sunday, 14 February 2016 - 8:54

%E0%B6%B8%E0%B7%9D%E0%B6%AF%E0%B7%92%E0%B6%A7+%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%96+%E0%B6%A2%E0%B6%BA%E0%B6%BD%E0%B6%BD%E0%B7%92%E0%B6%AD%E0%B7%8F
මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට පත්වූ ධීවරයන් සහ ට්‍රෝලර් යාත්‍රා නිදහස් කරන ලෙස බල කරමින් තමිල්නාඩු ධීවරයන් පෙබරවාරි 28 වනදා චෙන්නායි නුවර ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් සංවිධාන කර තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ රාමේෂ්වරමට ඊයේ රැස්වූ තමිල්නාඩු ධීවර සංගම් ඒ සඳහා තීරණයකට එළඹුණු බවයි.

එමෙන්ම පෙබරවාරි 28 වනදා මුහුදු යාමෙන් වැළකී සිටීමටද තමිල්නාඩු ධීවරයන් තීරණය කර තිබෙනවා.

මේ අතර මෙරට මුහුදු තීරයේදී අත්අඩංගුවට ගැනුනු ඉන්දීය ධීවරයන් නිදහස් කිරීමට මැදිහත් වන්නැයි තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත නැවතත් ලිපියක් යොමුකර ඇති බව වාර්තාවුණා.

ඉන්දීය ධීවරයන් 27 දෙනෙකු මේ වනවිට ශ්‍රී ලංකාවේ අත්අඩංගුවේ පසුවන බවත්, ඔවුන් සමඟ මෙහි රඳවා තිබෙන ධීවර බෝට්ටු 71 ක් මුදාගැනීමට මැදිහත්වන ලෙසත් ඇය එම ලිපියෙන් ඉල්ලා තිබෙනවා.

ඇය එහිදී සඳහන් කර ඇත්තේ තමිල්නාඩුවේ ධීවරයන්ගේ ජීවිකා වෘත්තියට බලපෑමක් ඇති කරන මෙම ගැටළුවට ස්ථිරසාර විසඳුමක් හිමිවිය යුතු බවයි.



ඇමරිකාවත් චීන මෘදුකාංග තහනම් කිරිමට සැරසේ
Tuesday, 07 July 2020 - 11:01

අතිශය ජනප්‍රිය ටික් ටොක් ඇතුළු චීනයේ නිර්මිත සමාජ මාධ්‍ය... Read More

ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්
Tuesday, 07 July 2020 - 8:15

ඉන්දුනීසියාවේ ජාවා දිවයිනට ඔබ්බෙන් අද අලූයම් කාලයේ ප්‍රබල... Read More

කොරෝනා නෑ කියා මුදලට ව්‍යාජ වාර්තාවක් සකස්කර දුන් මිරට් පෞද්ගලික රෝහලට අධිකරණයෙන් ලැබුණු නියෝගය
Monday, 06 July 2020 - 19:45

මුදල් ලබාගෙන කොරෝනා නොමැති බවට ව්‍යාජ වෛද්‍ය වාර්තාවක් සකස්කළ... Read More