ව්‍යාජ වීසා සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

Sunday, 14 February 2016 - 9:08

%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%A2+%E0%B7%80%E0%B7%93%E0%B7%83%E0%B7%8F+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ව්‍යාජ වීසා සහ ගමන් බලපත්‍රයක් උපයෝගී කරගනිමින් විදේශ ගතවීමට උත්සාහ කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු ඊයේ රාත්‍රී 8.40ට පමණ අත්අඩංගුවට ගනු ලැබුවේ කටුනායක ගුවන් තොටුපල පරිශ්‍රයේදියි.

යුරෝපීය රටක් වන ඔස්ටි‍්‍රයාව බලා යාමට උත්සාහ කළ වවුනියාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.