කොංග්‍රස් පක්ෂය කරුණානිධිට

Sunday, 14 February 2016 - 9:11

%E0%B6%9A%E0%B7%9C%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%B0%E0%B7%92%E0%B6%A7
මීට තුන් වසරකට පෙර කොංග්‍රස් සන්ධානයෙන් ඉවත්වූ කරුණානිධිගේ නායකත්වයෙන් යුත් ඞී.එම්.කේ. පක්ෂය එළඹෙන තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේදී යළි ඔවුන් සමඟ එක්වන බව ඉන්දීය මාධ්‍ය අද වාර්තා කළා.

ඞී.එම්.කේ. පක්ෂය කොංග්‍රස් සන්ධානයෙන් වෙන් වූයේ ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට සාධාරණයක් ඉටු කිරීම සඳහා එවකට පැවති කොංග්‍රස් රජය කටයුතු නොකරන බවට චෝදනා කරමින්.

කෙසේ නමුත් මීළඟ ප්‍රාන්ත මැතිවරණයේදී එක්ව තරඟ කිරීම සඳහා කොංග්‍රස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු වන ගුලාම් නබි අසාද් ඞී.එම්.කේ. පක්ෂ නායක මුත්තුවේල් කරුණානිධි සමඟ ඊයේ සාකච්ඡාවක නිරතවී තිබෙනවා.

ඉන් අනතුරුව කොංග්‍රස් නායකයා කියා සිටියේ ඞී.එම්.කේ. පක්ෂය තමිල්නාඩුවේ තම විශ්වාසදායක සහකරු වන බවයි.

කෙසේ නමුත් පසුගිය මහ මැතිවරණයේදී සහ ප්‍රාන්ත මැතිවරණයේදී ජයග්‍රහණය කළේ ජයලලිතා ජයරාම්ගේ ඒ.අයි.ඒ.ඞී.එම්.කේ. පක්ෂයයි.


ඉන්දියාවේ කොරෝනා රෝහලක ගින්නකින් අටදෙනෙකු ජීවිතක්ෂයට
Thursday, 06 August 2020 - 10:15

ඉන්දියාවේ - ගුජරාට් ප්‍රාන්තයේ අහමදාබාද් හි කොරෝනා වෛරස්... Read More

හිරෝෂිමාව පරමාණු බෝම්බ ප්‍රහාරයේ 75 වන වසර අනුස්මරණය කරයි
Thursday, 06 August 2020 - 9:07

ඇමරිකාව විසින් ලොව ප්‍රථම පරමාණු බෝම්බ ප්‍රහාරය එල්ල කර අදට... Read More

ඩුබායි - අජ්මාන් වෙළඳපොලේ ගින්න මැඩපවත්වයි
Thursday, 06 August 2020 - 8:44

ඩුබායි හි අජ්මාන් වෙළඳපොලේ ඊයේ සන්ධ්‍යාවේ ඇතිවූ දැවැන්ත... Read More