බණ්ඩාරවෙල රිය අනතුරකින් සරසවි සිසු සිසුවියන් 24 ක් රෝහලේ

Sunday, 14 February 2016 - 9:26

%E0%B6%B6%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BB%E0%B7%80%E0%B7%99%E0%B6%BD+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B7%80%E0%B7%92+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+24+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A
බණ්ඩාරවෙල - හපුතලේ මාර්ගයේ කොළතැන්න ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගය අසලදී  අද උදෑසන 7.10 ට පමණ බස් රථයක් සහ ලොරි රථයක් ගැටීමෙන් පුද්ගලයන් 25  දෙනෙකු තුවාල ලැබුවා. 

වැලිමඩ සිට සබරගමුව විශ්වවිද්‍යාලයට සති අන්ත පාඨමාලා සඳහා සිසුන් රැගෙන යන බස් රථයක් කොළඹ සිට බණ්ඩාරවෙල දක්වා භාණ්ඩ ප්‍රවාහනය කරන ලොරි රථයක් සමඟයි මෙහිදී ගැටී ඇත්තේ.

තුවාල ලැබූවන්ගෙන් 24 දෙනෙකු සිසු සිසුවියන් වන අතර, ඔවුන් මේ වනවිට දියතලාව මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි රෝහලේ වෛද්‍ය අධිකාරී රංජිත් අමරකෝන් ප්‍රකාශ කළේ.

ලොරි රථයේ රියදුරු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.





ඕස්ට්‍රේලියාවේ රැදී සිටි තවත් 229 දෙනෙකු දිවයිනට
Saturday, 11 July 2020 - 15:59

කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමග මෙරටට පැමිණීමට නොහැකිව  ඕස්ට්‍රේලියාවේ... Read More

පිටිපන පාතාල අවි ගබඩා සිද්ධියේ තවත් ටී.56 අවි දෙකක් සොයා ගැනේ
Saturday, 11 July 2020 - 15:30

හෝමාගම - පිටිපන පාතාල අවි ගබඩා සිද්ධියට අදාළව තවත් ගිනි ටී.56... Read More