පොලිසියේ පිරිසකට ස්ථාන මාරු

Sunday, 14 February 2016 - 11:43

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94
සේවයේ අවශ්‍යතාව මත ප්‍රධාන පොලිස් පොලිස් පරීක්ෂකවරුන් පිරිසකට ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා.

ඒ අනුව වවුනියාව පොලිසියේ මුලස්ථාන පොලිස් පරීක්ෂක එස් එම් සී ඩී කේ අබේරත්න මාරු කර යවා ඇත්තේ ඇල්පිටිය මුලස්ථාන පොලිස් පරීක්ෂක වරයා ලෙසටයි.

පොලිස් ක්ෂේත්‍ර බලකා මුලස්ථානයේ සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව් ඒ සෝමරත්න වවුනියාව පොලිසියේ මුලස්ථාන පොලිස් පරීක්ෂක ලෙස මාරු කර යවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කලේ.

ගල්කිස්ස පොලිසියේ මුලස්ථාන පොලිස් පරීක්ෂක වූ සී ඉද්දමල්ගොඩ කොළඹ අපරාධ කොට්ටාශයට මාරු කර යවා තිබෙනවා.

ඇල්පිටිය පොලිසියේ මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වූ ප්‍රධාන පොලිස් පරීක්ෂක බී ඒ ආර් පුෂ්පකුමාර ගල්කිස්ස මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ලෙස මාරු කර ඇති බවයි පොලිසිය සඳහන් කලේ.

වහාම ක්‍රියාත්මක වන පරිදි ඊයේ සිට මෙම ස්ථාන මාරුවීම් බල පැවැත්වෙන බවද  පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.


ලද විජයග්‍රහණයට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගෙන් අගමැති මහින්දට සුබපැතුම්
Thursday, 06 August 2020 - 21:09

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් දුරකථනයෙන් අග්‍රාමාත්‍ය... Read More

ප්‍රකාශිත ප්‍රතිඵල අනුව පොහොට්ටුව ඉදිරියෙන් - දුරකතනය දෙවන බලවේගය වේ
Thursday, 06 August 2020 - 20:47

2020 පාර්ලිමේන්තු මැතිවරණයේ මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල වලට... Read More

අනුරාධපුරයේ ජයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට
Thursday, 06 August 2020 - 20:36

අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලු මැතිවරණ බල ප්‍රදේශවල ප්‍රතිඵල... Read More