වෛද්‍ය සංගමයේ ලේකම්ගෙන් රහස් පොලීසිය ප්‍රශ්න කරයි

Sunday, 14 February 2016 - 12:45

%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නලින්ද හේරත්ගෙන් අපරාධ පරීකෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා.

එහි උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ වෛද්‍ය සංගමය මගින් පළ කරන ලද ප්‍රකාශනයක පරස්පර කරුණක් සම්බන්ධයෙන් පසුගිය සිකුරාදා ඔහුගෙන් මෙලෙස ප්‍රශ්න කළ බවයි.

කෙසේ නමුත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නලින්ද හේරත් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ මෙලෙස රහස් පොලීසිය තමාගෙන් ප්‍රශ්න කිරීම රජයේ මර්ධන වැඩපිිළිවෙලේ අංගයක් බවයි.

සුදුසුකම් නොලත් ඉන්දීය වෛද්‍යවරුන් ශ්‍රී ලංකාවේ පෞද්ගලික රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් ලෙස සේවය කිරීමෙන් රෝගී ජීවිත අවදානමට ලක්වීම පිළිබඳව සංගමය පොත් පිංචක් පළ කර තිබෙනවා.

එහි මුද්‍රණ දෝෂයක් හුවා දක්වමින් මෙලෙස රහස් පොලීසිය තමාගෙන් ප්‍රශ්න කළ බව ඔහු සඳහන් කළා.

විශේෂයෙන් යෝජිත ඉන්දු - ශ්‍රී ලංකා වෙළඳ හා සේවා ගිවිසුමට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ගෙන යන මහජනයා දැනුවත් කිරීමේ ක්‍රියාවලිය නුරුස්සන රජය මර්දන ක්‍රියාවලියකට අවතීර්ණ වී ඇති බවට වෛද්‍ය සංගමය චෝදනා කළා.

මේ සම්බන්ධයෙන් සාධාරණ විසඳුමක් නොලැබුණහොත් නොදන්වා වර්ජනයකට පිවිසීමට සිදුවන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නලින්ද හේරත් වැඩිදුරටත් සඳහන් කළේ.



තවත් ආසාදිතයින් 12 දෙනෙකු සුවය ලබා පිටව යයි
Wednesday, 08 July 2020 - 13:21

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 12 දෙනෙකු පූර්ණ සුවය... Read More

ඇමරිකාවෙන් චීනයට චෝදනා
Wednesday, 08 July 2020 - 13:15

සිය රටට ඇති එකම තර්ජනය චීනයේ ක්‍රියාකලාපය බව ඇමරිකානු එෆ්.බී.අයි.... Read More

කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වෙයි
Wednesday, 08 July 2020 - 13:12

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල හමුවක් මේ වන විට... Read More