ජනපති හෙට ජර්මනියට

Sunday, 14 February 2016 - 13:22

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%A2%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හෙට ආරම්භ කරන ජර්මානු සංචාරයේදී දෙරට අතර ආර්ථික සහ වෙළඳ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරගැනීමට හැකිවන බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළා.

යුරෝපා සංගමයේ ප්‍රබල සාමාජිකයෙකු මෙන්ම ලොව විශාලතම අපනයනකරුවෙකු වන ජර්මනිය වෙතින් ශ්‍රී ලංකාවට විශාල ආර්ථික වාසි අත්කරගැනීමට හැකිවන බවයි එමඟින් වැඩිදුරටත් සඳහන් කළේ.

ජනාධිපතිවරයාගේ ජර්මන් සංචාරයේදී ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් සමඟ පෙබරවාරි 17 වනදා විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා.

එහිදී ඇය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පිළිගනු ලබන්නේ හමුදා උත්තමාචාර සහිතවයි.

ජර්මන් පාර්ලිමේන්තුවේද සංචාරය කරන ජනාධිපතිවරයා එරට විදේශ අමාත්‍යවරයා සමඟ ද්විපාර්ශවික සාකච්ඡාවල නිරතවනවා.

ජර්මනියේ දෙදින සංචාරයෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පෙබරවාරි 19 වනදා ඔස්ටි‍්‍රයාව බලා යාමට නියමිතයි.

එහිදී ඔස්ටි‍්‍රයානු ජනාධිපති හයින්ස් ෆිෂර් මුණ ගැසෙන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එරට ව්‍යාපාරික ප්‍රජාවද මුණගැසෙනු ඇති.