දරුවා ප්‍රසුත කළ පසු මව දූෂණය කරලා - දැඩි සත්කාරයේ දීම මියයයි

Monday, 15 February 2016 - 11:45

%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%94%E0%B6%AD+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%B8%E0%B7%80+%E0%B6%AF%E0%B7%96%E0%B7%82%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BD%E0%B7%8F+-+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%93%E0%B6%B8+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
දරු ප්‍රසුතියක් සඳහා පෞද්ගලික රෝහලකට ඇතුළත් කර සිටි 22 හැවිරිදි කාන්තාවක්  දූෂණයට ලක්වීමෙන් ජීවිතක්ෂයට පත්වෙයි. මෙම සිද්ධිය වාර්තා වන්නේ ඉන්දියාවේ හර්යානා පළාතේ  ජායිජර් දිස්ත්‍රික්කයේ බහදුර්ගර් ප්‍රදේශයෙන්.

දරුවෙකු  ප්‍රසුත කර - රෝගී තත්වයෙන් ඇය දැඩි සත්කාර ඒකකයට යොමු කර සිට ඇත. එහි දී ඇය - පසුගිය සෙනසුරාදා අළුයම 3.30 ට පමණ  දූෂණයට ලක්ව තිබේ.

වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටි බාහිර පුද්ගලයෙකු සිද්ධියට සැක බව රෝහල පවසයි. සැකය තහවුරු වන්නේ  CCTV  දර්ශන අනුවයි. මෝටර් රථයකින් පැමිණෙන සැකකරු ඉන් බැස,  දැඩි සත්කාර ඒකකයට (ICU) ඇතුල් වන අයුරු  සහ ටික වෙලාවකින් ඉන් පිටව යන අයුරු සටහන්ව ඇත.

ඉන්දීය පොලිසිය සැකකරු සොයා  අසල්වැසි ප්‍රදේශවල ද මෙහෙයුමක් ආරම්භ කර  තිබේ.