මැක්ස්වෙල් පරණගම කොමිසමෙන් ජනපතිට ලිපියක්

Monday, 15 February 2016 - 12:40

%E0%B6%B8%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B6%AB%E0%B6%9C%E0%B6%B8+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
අතුරුදන්වූවන් පිලිබද විමර්ශනය කෙරෙන ජනාධිපති පරීක්ෂණ කොමිසමේ නිල කාලය අදින් අවසන් වනවා.

කොමිසමේ ලේකම්  විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු මැක්ස්වෙල් පරණගම  හිරු ප්‍රවෘත්තිය අංශයට පැවසුවේ  අද වන විට කොමිසම වෙත ලැබුණූ පැමිණිලි 5න් දහසක විමර්ෂණ කටයුතු අවසන් බවයි.
 
කොමිසමට ලැබුණූ තවත් පැමිණිලි 12ස් දහසක විමර්ෂණ කටයුතු මෙතෙක් අවසන් වී නොමැති බවද පරණගම මහතා සදහන් කළා.

එබැවින් කොමිසමේ  කාලය දීර්ඝ කරන්නැයි ඉල්ලීමක් සිදුකළද ඊට  එකගතාවයක් හිමි නොවූ බවයි ලේකම්වරයා ප්‍රකාශ කලේ.

විමර්ෂණ අවසන් කිරීම සදහා කාලය නැවතත් ලබා දෙන මෙන්  ජනාධිපතිවරයාට අද ලිඛිතව ඉල්ලීමක් කිරීමට කොමිසම තීරණය කර තිබෙනවා.

යුධ ගැටුම් පැවැති කාලසීමාවේ සිදුවූ පුද්ගල අතුරුදන්වීම් සම්බන්දයෙන් විමර්ශනය  කිරීම සදහායි 2013 වසරේ අගෝස්තු 15 වනදා මැක්සෙල් පරණගම කොමිසම පත් කරනු ලැබුවේ.

ඒ උගත් පාඩම් කොමිසමේ නිර්දේශවලට අනුවයි.

එම කාලසීමාව තුළ කොමිසමට ලැබී ඇති සමස්ථ පැමිණිලි සංඛ්‍යාව 21 ක් දහසක් පමණ වනවා.



අම්පාර පොලිස් ගරාජයේ OIC තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කෙරේ
Tuesday, 14 July 2020 - 15:56

පාස්කු ප්‍රහාරයේ විමර්ශනවලට අදාළව සයින්දමරුදු බෝම්බ ප්‍රහාරයේ... Read More

මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන තවත් ඉහළට
Tuesday, 14 July 2020 - 15:19

මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 2649 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, තවත්... Read More

තමන්ට එරෙහිව අසභ්‍ය වීඩියෝවක් නිර්මාණය කළ අයට දඬුවම් ලැබෙයි (වීඩියෝ)
Tuesday, 14 July 2020 - 15:11

හරීන් ප්‍රනාන්දුට හෝ වෙනත් කාටවත් තමන්ව අභියෝගයක් විය නොහැකි... Read More