ලාභය ගෝනිවල දාලා මහපාරේ හැලුවත් මෙහෙම පාඩු වෙන්නේ නෑ

Monday, 15 February 2016 - 14:24

%E0%B6%BD%E0%B7%8F%E0%B6%B7%E0%B6%BA+%E0%B6%9C%E0%B7%9D%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B6%BD+%E0%B6%AF%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F+%E0%B6%B8%E0%B7%84%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%9A+%E0%B7%84%E0%B7%90%E0%B6%BD%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A++%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%B8+%E0%B6%B4%E0%B7%8F%E0%B6%A9%E0%B7%94+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B1%E0%B7%91
ශ්‍රී ලන්කන් ගුවන් සේවය පසුගිය වසර 7 තුළදී ලැබූ පාඩුව රුපියල් මිලියන එක්ලක්ෂ 45000ක් බව ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක  පවසනවා. සමාජවාදී තරුණ සංගමයේ මහනුවර දිසා සමුළුව අමතමින් ඔහු මේ අදහස් පළ කළා.

"....ඉගෙන ගන්න කැමති ළමයින්ට ඉගෙන ගන්න අවස්ථා නැති රටක් මේ.... 1990 මේ රටේ විශ්වවිද්‍යාලයට අරන් තියෙනවා උසස් පෙළ සමතුන්ගෙන් සියයට 21ක්.... අවුරුදු 25 කට පස්සේ දැන් ගන්නේ සියයට 17 යි.... ළමයින්ගේ ඉසෙඩ් එක ලොකු වනවා හැබැයි කැම්පස්වල ගේට්ටු එන්න එන්න පොඩි වෙනවා.... අපි ඊයේ ගෙන්නුවා ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් කෝප් කාරක සභාවට.... 2008 යුද්දේ තියෙත්දී මිලියන 4428 ක් ලාබ ශ්‍රි ලංකන් ගුවන් සේවය අවුරුදු 7 කදි මිලියන එක් ලක්ෂ 45,000 ක් පාඩු කරලා තියෙනවා...අපි කිව්වා ඒ පාඩු කරපු විදිහ කියන්න කියලා.....ඒ කියන්නේ සමාගමේ ලාභය ගෝනිවල දාලා පාර දිගේ හල හල ගියොත් ඇරෙන්න අපිට ‍තේරෙන්නේ නෑ කොහොමද එහෙම සමාගමක් පාඩු කරන්නේ කොහොමද කියලා.... රාජ්‍ය සංස්ථා ඔක්කොම වළපල්ලට යවලා තියෙන්නේ.... එහෙම යවලා කියනවා ඒ ගොල්ලෝ ආර්ථික කළමනාකරණයේ විශේෂඥයෝ කියලා..... අධ්‍යාපනයෙන් විශ්වවිද්‍යාලයට යන්න බෑ.... තමන්ගේ හැකියාවට අනුව රස්සාවක් නැහැ.... දැන් වර්තමාන ආණ්ඩුව ගේන්න හදනවා එට්කා කියලා ගිවිසුමක්.... දැන් මේ එට්කා ගිවිසුමෙන් මොකද වෙන්නේ.... ඉන්දියාවේ වෘත්තිකයන් ලෑස්තියි රුපියල් 5000 මෙහේ ඇවිල්ලා රැකියා කරන්න.... එතකොට ඒ විවෘත කිරීමෙන් මොකක්ද වෙන්නේ.... ලංකාවේ දැනට තියෙන සොච්චම් රැකියා ටිකටත් ෂොට් එක වදිනවා.... රනිල් වික්‍රමසිංහ මහත්තයා එයා හිතාගෙන ඉන්නවා එයාගේ ජොබ් එක දිගටම තියෙයි කියලා... ලංකාවේ වෘත්තියන්ගේ ජොබ්වලට ෂොට් එක දෙන්න ගියොත් අපි කියනවා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ජොබ් එක තමයි නැති වෙන්නේ කියලා....."