Update: පොලිසියට භාර වූ හිමිවරු රක්ෂිතයට

Monday, 15 February 2016 - 16:52

Update%3A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB+%E0%B7%80%E0%B7%96+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94+%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7
හෝමාගම පොලීසියට භාර වූ රාවණාබලය සංවිධානයේ කැදවුම්කරු පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන්, සිංහල රාවය සංවිධානයේ සභාපති පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් ඇතුළු භික්ෂුන් වහන්සේලා පිරිස හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, උන්වහන්සේලා අද පස්වරුවේ හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණ හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

රාවණාබලය සංවිධානයේ කැදවුම්කරු පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන්, සිංහල රාවය සංවිධානයේ සභාපති පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් ඇතුළු භික්ෂුන් වහන්සේලා සිව් නමක් හෝමාගම පොලීසිය වෙත අද භාර වුණා.

ඒ, පසුගිය ජනවාරි 26 වන දා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණ භූමියේ කලහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් එම හිමිවරුන් චෝදනා ලබා සිටීම හේතුවෙන්.

බොදුබල සේනා සංවිධානයේ මහලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසුව මෙම හිමිවරුන් ඇතුළු පිරිසක් අධිකරණ භූමියේ කලහකාරී ලෙස හැසිරුණු බවට චෝදනා එල්ල වුණා.

හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණ භූමියේ කලහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් මෙම හිමිවරුන්ට හෝමාගම පොලීසියට භාරවන ලෙස දැනුම් දී තිබුණා. ඒ අනුවයි උන්වහන්සේලා අද නීතිඥවරයෙකුගේ මාර්ගයෙන් හෝමාගම පොලීසියට භාර වුණේ.

මීට අමතරව හෝමාගම අධිකරණ භූමියේදී කලහකාරී ලෙස හැසිරුණු බවට චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිංහල රාවය සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් සහ තවත් හිමි නමක් ද හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි එදින හෝමාගම මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබුවේ.

මේ අතර, හෝමාගම අධිකරණ භූමියේදී සන්ධ්‍යා එක්නැලිගොඩට තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් බොදුබල සේනා සංවිධානයේ මහලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ද හෙට දිනය වන තුරු රක්ෂිත බන්ධනාගාරයේ පසුවනවා. 


Update:Monday, February 15, 2016: 17:07
----------------------------------------------------

රාවණා බලය සිංහල රාවය හිමිවරුන් පොලීසියට භාර වෙයි


රාවණාබලය සංවිධානයේ කැදවුම්කරු පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන්, සිංහල රාවය සංවිධානයේ සභාපති පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් ඇතුළු භික්ෂුන් වහන්සේලා සිව් නමක් හෝමාගම පොලීසිය වෙත අද භාර වුණා.

ඒ, පසුගිය ජනවාරි 26 වන දා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණ භූමියේ කලහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් එම හිමිවරුන් චෝදනා ලබා සිටීම හේතුවෙන්.

බොදුබල සේනා සංවිධානයේ මහලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසුව මෙම හිමිවරුන් ඇතුළු පිරිසක් අධිකරණ භූමියේ කලහකාරී ලෙස හැසිරුණු බවට චෝදනා එල්ල වුණා.



ඡන්ද ප්‍රකාශ කිරීමට පැමිණි කාන්තාවක් ඡන්ද පොළේදී මිය යයි
Wednesday, 05 August 2020 - 18:20

මිනුවන්ගොඩ, අලුතැපොල - වලගම්බා මහා විද්‍යාලයේ පැවති ඡන්ද... Read More

ඡන්ද විමසීම අවසන් වෙද්දී ඡන්දය ප්‍රකාශ කළ ප්‍රතිශතයන්
Wednesday, 05 August 2020 - 17:51

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වන පාර්ලිමේන්තුවට... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,838 දක්වා ඉහළට
Wednesday, 05 August 2020 - 17:24

ශ්‍රී ලංකාවේ කොරෝනාආසාදිතයින්ගේ සංඛ්‍යාව 2,838 දක්වා ඉහළ ගොස්... Read More