මුළු පාර්ලිමේන්තුවම සවිබල ගන්වනවා

Monday, 15 February 2016 - 20:15

%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%B8+%E0%B7%83%E0%B7%80%E0%B7%92%E0%B6%B6%E0%B6%BD+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%80%E0%B7%8F
අමාත්‍ය මණ්ඩලය පමණක් නොව මුළු පාර්ලිමේන්තුවම සවිබල ගැන්වීම තම අරමුණ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා අද ආරම්භ වූ වැඩමුළුවේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ පාර්ලිමේන්තුව ජනතා නියෝජනයේ කේන්ද්‍රස්ථානය බවයි.

අධීක්ෂණ කාරක සභාවල කටයුතු පවත්වාගෙන යාම පිළිබඳව මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා මෙම වැඩමුළුව සංවිධාන කර තිබුණා.

 මෙම අවස්ථාවට එක්වූ විපක්ෂ නායක ආර්. සම්බන්ධන් කියා සිටියේ අධීක්ෂණ කාරක සභා ක්‍රමය ශ්‍රී ලංකාවේ පමණක් නොව ඉන්දියාව ඇතුළු රටවල් රැසක ක්‍රියාත්මක වන බවයි.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු මෙරට පාලන තන්ත්‍රයේ නව වෙනසක් ඇති වී තිබෙන බව ද විපක්ෂ නායකවරයා මෙහිදී කියා සිටියා.