නිදහස් පක්ෂය කැඩෙන්න ඉඩ දෙන්නේ නෑ - එජාපය කියයි

Tuesday, 16 February 2016 - 8:18

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B6%9A%E0%B7%90%E0%B6%A9%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%89%E0%B6%A9+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B1%E0%B7%91+-++%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමට එක්සත් ජාතික පක්ෂය ඉඩ නොතබන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම පවසනවා. මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ගම්පහ ප්‍රදේශයේ ඊයේ (15) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  පක්ෂ දෙකඩ කර ආණ්ඩු කරගෙන ගියද යහපාලන ආණ්ඩුවට අවශ්‍ය වන්නේ සියලූ පක්ෂ එක්ව රට සංවර්ධනය කිරීම බවයි මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ.