වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මරුට

Tuesday, 16 February 2016 - 11:04

%E0%B7%80%E0%B6%B1+%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
අනුරාධපුර - මරදන්කඩවල - කට්ටමුරිච්චාන - තෝරන්කුලම ප්‍රදේශයේදී වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කුඹුරේ පැල් රැකීම සඳහා යමින් සිටියදී එල්ල වූ වන අලි ප්‍රහාරයෙන් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කට්ටමුරිච්චාන ප්‍රදේශයේම පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙක්.

රිටිගල වන රක්ෂිතයේ සිටින වන අලි ගම්වැදීම නිසා තම ජීවිතවලට විශාල තර්ජනයක් එල්ල වී ඇති බව කට්ටමුරිච්චාන ගම්වාසීන් හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළා.

මේ අතර හබරන - මින්නේරිය ප්‍රධාන මාර්ගයේ රිලා වංගුව ප්‍රදේශයේදී මාළු ප්‍රවාහනය කරන කුඩා ලොරි රථයක් වන අලියෙකුගේ ගැටීමෙන් එහි සිටි පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලැබුවා.

අද අලූයම මෙම අනතුර සිදුව ඇති අතර වන අලියා නැවතත් වනාන්තරයට පළා ගොස් ඇති බවයි හිරු වාර්තාකරු සදහන් කළේ.


පූජිත් සහ හේමසිරි පාස්කු කොමිසමේ පොලිස් විමර්ශන ඒකකයට
Wednesday, 08 July 2020 - 11:57

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි... Read More

යාපනයට කඩ වැදුණු දිවියෙකු එළුවන් නවදෙනෙකුගේ දිවි අහිමි කරයි
Wednesday, 08 July 2020 - 11:56

එළු පට්ටියකට පැමිණි දිවියෙකු එළුවන් නවදෙනෙකු මරා දැමීමේ... Read More

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය - අද 11.55ට
Wednesday, 08 July 2020 - 11:13

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය... Read More