බලපිටිය අධිකරණය අසළ වෙඩි තැබීමක්

Tuesday, 16 February 2016 - 12:08

%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%85%E0%B7%83%E0%B7%85++%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට දී අද උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලබා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කළ පුද්ගලයා කරාපිටිය ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.

අද උදෑසන සිදුවූ මෙම වෙඩි තැබීමෙන් එක් පුද්ගලයෙකු මිය ගියා.

ඔවුන් දෙදෙනාට පුද්ගල ඝාතන සිද්ධියක් සහ තවත් වැරදි කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති අතර, ඊට අදාළ නඩුවකට පෙනී සිටීම සඳහායි අද අධිකරණයට පැමිණ තිබුණේ.

එම කටයුතු අවසන් වී පිටව යාමට යතුරුපැදියට ගොඩවුණු අවස්ථාවේ යතුරුපැදියකින් පැමිණි තවත් පුද්ගලයන් දෙදෙනෙකු ඔවුන්ට වෙඩි තබා පලාගොස් තිබුණා.  

එම ස්ථානයේ තිබී මිලිමීටර 9 වර්ගයේ පිස්තෝලයක පතොරාම්  කොපු තුනක්ද පොලීසිය සොයාගෙන තිබෙනවා.

මියගිය පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් පරීක්ෂණයද අද පස්වරුවේ බලපිටිය මහේස්ත්‍රාත් රජින්දා ජයසුන්දර විසින් සිදුකරනු ලැබුවා.

එසේම මෙහිදී තුවාල ලැබූ පුද්ගලයා මීට පෙර ගිනි අවියක් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටි බෙන්තොට ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවිසූ මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමියන්ගේ රියදුරු බව සඳහන්. ඔහු ඉඳුරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.