ජනපති ජර්මනියට ළඟාවේ

Tuesday, 16 February 2016 - 13:32

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%A2%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B7%85%E0%B6%9F%E0%B7%8F%E0%B7%80%E0%B7%9A
දෙදින නිළ සංචාරයක් සඳහා ජර්මනිය බලා ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද අලූයම බර්ලින් නුවර ටෙගල් ජාත්‍යන්තර ගුවන් තොටුපළට ළඟා වී තිබෙනවා.

ගුවන් තොටුපළේදී ජර්මන් රජයේ ප්‍රධාන සංධාන නිලධාරී ජර්ගෙන් ක්‍රිස්ටියන් මර්ටෙන්ස් සහ ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති කරුණාතිලක අමුණුගම ඇතුළු පිරිසක් විසින් පිළිගනු ලැබුවා.

ජනාධිපතිවරයා නවාතැන් ගනු ලබන හෝටලයේදී ද විශේෂ පිළිගැනීමේ උත්සවයක් සංවිධාන කර තිබූ බව සදහන්.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ මංගල සමරවීර, මලික් සමරවික්‍රම, මහින්ද සමරසිංහ, දයා ගමගේ ඇතුළු අමාත්‍යවරුන් පිරිසක් ද එක්ව සිටිනවා.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් අතර ද්විපාර්ශවික සාකච්ඡා හෙට පැවැත්වෙනවා.

එසේම ජනාධිපතිවරයා හෙට එරට කථානායකවරයා, විදේශ අමාත්‍යවරයා සහ ආර්ථික කටයුතු අමාත්‍යවරයා හමුවී සාකච්ඡා කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළා.

රාජතාන්ත්‍රික නොවන කටයුතු කිහිපයකට අද පස්වරුවේ එක්වූ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා එරට යුදෙව් ස්මාරකය සහ කෞතුකාගාරය නැරඹීමට අද එක්වුණා.