මහින්දගේ දේශපාලන ජීවිතය අවසන්

Tuesday, 16 February 2016 - 13:55

%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දේශපාලන ජීවිතය මේ වන විට අවසන් වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.

සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනයේ පළමු වන ජාතික සමුළුවට මාතර දී ඊයේ එක්වෙමිනුයි ඔහු මෙම අදහස් පළ කළේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ නායකයා කියා සිටියේ හිටපු ජනාධිපතිවරයාට යළි ජනාධිපතිවරණයකට ඉදිරිපත්වීමේ හැකියාව ද 19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් අහිමි වන බවයි.

කෙසේ වෙතත්, මූල්‍ය අපරාධ විමර්ශනවලදී ආණ්ඩුවේ හවුල්කරුවන්ට රැකවරණයක් ලැබෙන බවට ද ජනතා විමුක්ති පෙරමුණු නායකයා මෙහිදී චෝදනාවක් එල්ල කළා.

මහජනතාවගේ දේපළ එක්රැස්කරගත් දේශපාලනඥයින් සම්බන්ධයෙන් සොයා බැලීමට මුල්‍ය අපරාධ කොට්ඨාසය අවශ්‍ය බවයි අනුර කුමාර දිසානායක මහතා සඳහන් කලේ.