Update : රැකියා ඉල්ලූ උපාධිධාරීන්ට කඳුළු ගෑස්

Tuesday, 16 February 2016 - 13:59

Update+%3A++%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%96+%E0%B6%8B%E0%B6%B4%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%9A%E0%B6%B3%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%9C%E0%B7%91%E0%B7%83%E0%B7%8A
රජයේ පුරප්පාඩු සඳහා වහා බඳවා ගන්නා ලෙස බල කරමින් ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය සංවිධාන කර තිබූ විරෝධතා පා ගමනට අද පස්වරුවේ පොලීසිය ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා.

ප්‍රහාරයට ලක්වූවන් ඉන් අනතුරුව කොටුව මධ්‍යම බස් නැවතුම්පල ඉදිරිපිට මේ වනවිට අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරතවෙමින් සිටිනවා.

අද දහවල් ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය කොටුව - දුම්රියපොල ඉදිරිපිට විරෝධතාවක නිරතවී පසුව පා ගමනින් ජනාධිපති ලේකම් කාර්යාලය ආසන්නයට පැමිණියා.

ඔවුන්ට ලෝටස් වටරවුම අසලදී පොලීසිය බාධා එල්ල කරනු ලැබුුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් තහනම් නියෝගයක් නිකුත් කර ඇති බව පවසමින්.  

එම නියෝගය නොතකා ඉදිරියට ගමන් කිරීමට උත්සාහ කළ විරෝධතාකරුවන්ට පොලීසිය ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා.  

මෙහිදී මාධ්‍යවේදීන් කිහිපදෙනෙකුද පොලීසියේ ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයට මැදිවුණා.



Thursday, 16 February 2016 - 15.10
---------------------------------------------------------------------

කොළඹ ඕල්කට් මාවතේ දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කලේ රැකියා විරහිත උපාධිදාරීන්ගේ විරෝධතා පා ගමනක් හේතුවෙන් මෙම රථ වාහන තදබදය හටගෙන ඇති බවයි.

මේ අතර  මෙම විරෝධතා පාගමන විසුරුවාහැරීමට පොලිසිය ජල සහ කඳුලු ගෑස් ප්‍රහාරයක් ද එල්ලකර තිබෙනවා.



CID රැඳවුම්භාරයේ සිටි තවත් නාකොටික් කොස්තාපල්වරයෙකු රිමාන්ඩ්
Tuesday, 14 July 2020 - 14:49

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය භාරයට ගත් මත්කුඩු යළි... Read More

හිරු අනාවරණයෙන් පසු ඵල දරන්න යන දුම්බර රටා (වීඩියෝ)
Tuesday, 14 July 2020 - 14:36

කොවිඩ් වසංගතයෙන් සෘජු බලපෑමක් එල්ල වූ දුම්බර රටා කර්මාන්තකරුවන්... Read More

කවරෙකුට හෝ ආණ්ඩුව ගැනීමට සහයෝගය ලබාදීම තම අරමුණ නොවන බව රනිල් කියයි (වීඩියෝ)
Tuesday, 14 July 2020 - 14:26

කවරෙකුට හෝ ආණ්ඩු බලය ලබා ගැනීම සඳහා සහයෝගය ලබාදීම තම අරමුණ... Read More