ජර්මන් - ශ්‍රී ලංකා නායක හමුව අද

Wednesday, 17 February 2016 - 7:56

%E0%B6%A2%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+-+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B6%AF
ජර්මනියේ සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් අතර ද්විපාර්ශවික සාකච්ඡා අද (17) පැවැත්වෙනවා.

එසේම ජනාධිපතිවරයා එරට කථානායකවරයා විදේශ සහ ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යවරුන් හමුවී සාකච්ඡා කිරීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සදහන් කළේ.

රාජතාන්ත්‍රික නොවන කටයුතු කිහිපයකට ඊයේ පස්වරුවේ එක්වූ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා එරට යුදෙව් ස්මාරකය සහ කෞතුකාගාරය නැරඹුවා.

ශ්‍රී ලංකාව සහ ජර්මනිය අතර ආර්ථික මෙන්ම වෙළඳ සබඳතා ශක්තිමත් කරගැනීම ජනාධිපතිවරයාගේ මෙම සංචාරයේ අරමුණයි.

ඒ පිළිබඳව දෙරටේ නායකයින් අතර අද පැවැත්වෙන සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමුවනු ඇති.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ පස්වරුවේ එරට ප්‍රමුඛ නියෝජිතයන් කිහිපදෙනෙකු සමඟ සාකච්ඡා පැවැත්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් ප්‍රකාශ කළා.


පදික වේදිකාවේ වාහන නතර කරන පුද්ගලයන්ට නීතිය දැඩි වෙයි
Thursday, 16 July 2020 - 18:32

පදික වේදිකාවේ සහ වාහන නතර කිරීම තහනම් කර ඇති ස්ථානවල වාහන... Read More

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය - අද 06.55ට
Thursday, 16 July 2020 - 18:21

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් ගණන 2682ක් දක්වා ඉහළට
Thursday, 16 July 2020 - 17:48

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 2682ක් දක්වා... Read More