තාජුඩීන් සිද්ධියත් ඇඹිලිපිටිය උසාවියේ

Wednesday, 17 February 2016 - 12:13

%E0%B6%AD%E0%B7%8F%E0%B6%A2%E0%B7%94%E0%B6%A9%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B6%87%E0%B6%B9%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA+%E0%B6%8B%E0%B7%83%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%9A
අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ඇඹිලිපිටිය හිටපු සහකාර පොලිස් අධිකාරි ඩබ්ලිව්. ඞී.සී. ධර්මරත්න මාර්තු මස 2 වනදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ අද ඔහු ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න ප්‍රනාන්දු හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

ඇඹිලිපිටියේදී පොලිසිය සමග ඇති වූ ගැටුමකදී තරුණයෙකු මියයාමේ සිද්ධියට අදාළව සහකාර පොලිස් අධිකාරිවරයා පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත්තා.

මේ අතර, ඇඹිලිපිටිය අධිකරණ භූමියට අද (17) දිනයේ ද විශේෂ ආරක්ෂාවක් යොදවා තිබූ බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.

එහිදී සහකාර පොලිස් අධිකාරීවරයා බන්ධනාගාර බස් රථයෙන් රැගෙන යන අයුරු ඡායාරූප ගතකිරීමට ගිය මාධ්‍යවේදීන්ට බාධා එල්ල වූ බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.

අද නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් තරුණයා මියයෑමට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

එය අධ්‍යයනය කිරීමෙන් අනතුරුව එහි තීන්දුව අනිද්දා ප්‍රකාශයට පත් කරන බවයි මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ.

මේ අතර සහකාර පොලිස් අධිකාරීවරයාට ඇප ඉල්ලමින් අද ඇඹිලිපිටිය මහාධිකරණයට පෙත්සමක්ද ඉදිරිපත් කර තිබෙනවා.

අද පැවති නඩු විභාගයේදී සහකාර පොලිස් අධිකාරීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයට දැනුම්දුන්නේ අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරයා සහ සහකාර පොලිස් අධිකාරීවරයා අතර හිත් අමනාපයක් පවතින බවයි.

මේ හේතුව නිසා අගතියට පත් පාර්ශවය වෙනුවෙන් අදාළ නීතීඥවරයා පෙනී සිටීම යුක්ති සහගත නොවන බවද ඔහු අධිකරණයට දැනුම්දුන්නා.

තාජුඩීන් ඝාතන සිද්ධියට අදාළවත් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති බව මෙහිදී නීතීඥවරයා ප්‍රකාශ කර තිබෙනවා.