මාලදිවයින් විපක්ෂ නායකවරයාට වසර 12 ක සිර දඩුවම්

Wednesday, 17 February 2016 - 15:00

%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B7%80%E0%B7%83%E0%B6%BB+12+%E0%B6%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB+%E0%B6%AF%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B7%8A
මාලදිවයිනේ විපක්ෂ නායක ෂෙයිඞ් ඉම්රාන් අබ්දුල්ලාට වසර 12 ක සිර දඩුවම් පැමිණවීමට එරට අධිකරණය තීරණය කර තිබෙනවා.

ත්‍රස්ත ක්‍රියා විරෝධී පනත යටතේ අදාළ සිරදඩුවම ලබාදී ඇති බවයි විදෙස් වාර්තා අනාවරණ කළේ. සිරගත කර සිටින මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඞ් නෂීඞ් පිළිබඳව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පැවති නඩු විභාගයකින් අනතුරුව මෙම සිරදඩුවම ලබාදී ඇති බව සඳහන්.

කෙසේ වුවත් මීට ප්‍රතිචාර දක්වන මාලදිවයිනේ විපක්ෂ නායකවරයාගේ ප්‍රකාශකයා සඳහන් කර ඇත්තේ සිය රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට තම පාර්ශවය තවදුරටත් සටන් කරන බවයි.