බලපිටියේ වෙඩි තැබීමෙන් තුවාල ලබා සිටි පුද්ගලයාත් මිය යයි

Wednesday, 17 February 2016 - 16:14

%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
බලපිටිය අධිකරණ සංකීර්ණය අසල සිදුවු වෙඩි තැබීමෙන් තුවාල ලබා සිටි පුද්ගලයා ද ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඒ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

ඔහු ඉඳුරුව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයකු බවයි පොලිසිය සඳහන් කලේ.

ප්‍රහාරයෙන් තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුළත් කළ ඔහු පසුව කරාපිටිය ශික්ෂණ රෝහලට මාරුකර යැවුණු අතර, ඊයේ රාත්‍රියේ කොළඹ ජාතික රෝහළ වෙත යළි මාරුකර එවා තිබෙනවා.

ඔහුගේ මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ තැන්පත් කර තිබෙනවා.

ඊයේ පෙරවරු 11.25 ට පමණ බලපිටිය අධිකරණය අසල සිදුවු වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයකු මරණයට පත්වුනා.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසිනුයි මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබුනේ.

තුවාල ලැබූ රසික චමින්දට සහ ඔහුට ඝාතන සිද්ධීන් ඇතුලූ අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබුණා.

සිද්ධිය පිළිබඳ අම්බලන්ගොඩ පොලිසිය විමර්ශණ මෙහෙයවනවා.