Update: ගම්පොලට වැටුණු වායු බැලූනය යළි ගුවනට

Thursday, 18 February 2016 - 7:09

Update%3A+%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B7%80%E0%B7%8F%E0%B6%BA%E0%B7%94+%E0%B6%B6%E0%B7%90%E0%B6%BD%E0%B7%96%E0%B6%B1%E0%B6%BA+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B6%A7
ගම්පොල - පුපුරැස්ස - කලූගල්වත්ත ප්‍රදේශයට ඊයේ රාත්‍රියේ වැටුණු ගූගල් ලූන් නියමු ව්‍යාපෘතියට අයත් වායු බැලූනය යළි ගුවන් ගත කිරීමට බලාපොරොත්තු වන බව විදුලි සංදේශ සහ  ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.

ඔහු කියා සිටියේ මෙම බැලූනය කඩාවැටීමකට ලක් නොවුනු බවයි. එය තාක්ෂණික හේතුන් මත ගොඩබෑමක් සිදුකර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළා.

ගම්පොල - පුපුරැස්ස - කලූගල්වත්ත ප්‍රදේශයට ඊයේ රාත්‍රි 7.30 ට පමණ වායු බැලූනයක් පතිත වුණා.

පසුව අනාවරණ වුණේ එම බැලූනය ශ්‍රී ලංකාවේ ගුවන් කලාපය ආවරණය කරමින් අධිවේගී අන්තර්ජාල පහසුකම් ලබාදීම සඳහා ගුගල් ලූන් ව්‍යාපෘතිය යටතේ අත්හදා බැලීමක් සඳහා ගුවන් ගත කරන ලද්දක් බවයි.

මෙම බැලූනය දකුණු ඇමරිකාවේ සිට  ශ්‍රී ලංකා ගුවන් කලාපය වෙත එවා ඇත්තේ පසුගිය 15 වනදායි.

ගුගල් සමාගම සහ ශ්‍රී ලංකා රජය මෙම අධිවේගී අන්තර්ජාල පහසුකම් සඳහා වන ගූගල් ලූන් ව්‍යාපෘතියට පසුගිය වසරේ අත්සන් කර තිබුණා.  

ශ්‍රී ලංකාවට අමතරව  ඕස්ට්‍රේලියාවට සහ ඉන්දුනීසියාවටද දකුණු ඇමරිකාවේ සිට මෙලෙස වායු බැලූන යවා ඇති බවයි වාර්තාවන්නේ.



Update : Thursday, February 18, 2016 12.05
--------------------------------------------------------

පුපුරැස්සට වායු බැලුනයක් කඩා වැටේ

ගම්පොල - පුපුරැස්ස - කලුගල්වත්ත ප්‍රදේශයට ඊයේ රාත්‍රියේ වායු බැලූනයක් කඩාවැටී තිබෙනවා.

පුපුරැස්ස පොලීසිය කියා සිටියේ රාත්‍රී 7.30 ට පමණ මෙම බැලූනය කඩාවැටී ඇති බවයි.

පසුව පොලීසිය ගොස් එම වායු බැලූනය පුපුරැස්ස පොලීසිය වෙත ගෙනවිත් තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ගුවන් කලාපය ආවරණය කරමින් අධිවේගී අන්තර්ජාල පහසුකම් ලබාදීම සඳහා ගුගල් ලූන් ව්‍යාපෘතිය යටතේ අත්හදා බැලීමක් ලෙස මෙම බැලූනය දකුණු ඇමරිකාවේ සිට  ශ්‍රී ලංකා ගුවන් කලාපය වෙත එවා තිබෙනවා.

ඒ අනුව මෙම බැලූනය ශ්‍රී ලංකා ගුවන් කලාපය වෙත පැමිණියේ පසුගිය 15 වනදායි.

ගුගල් සමාගම සහ ශ්‍රී ලංකා රජය පසුගිය වසරේ මෙම අධිවේගී අන්තර්ජාල පහසුකම් සඳහා වන ගූගල් ලූන් ව්‍යාපෘතියට අත්සන් කර තිබුණා.  

ශ්‍රී ලංකාවට අමතරව  ඕස්ට්‍රේලියාව සහ ඉන්දුනීසියාවටද දකුණු ඇමරිකාවේ සිට මෙලෙස වායු බැලූන යවා ඇති බවයි වාර්තාවන්නේ.





කොවිඩ් සටනේ නිහඬ විරුවා (වීඩියෝ)
Thursday, 06 August 2020 - 22:03

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඊයේ පස්වරුවේ... Read More

කොළඹ දිස්ත්‍රික්කයේ ආසන කිහිපයක ප්‍රතිඵල නිකුත් වෙයි
Thursday, 06 August 2020 - 21:44

කොළඹ දිස්ත්‍රික්කයේ ආසන කිහිපයක ඡන්ද ප්‍රතිඵල මේවන විට ප්‍රකාශයට... Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තහවුරු කරගනී
Thursday, 06 August 2020 - 21:20

නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය ද මේවනවිට නිකුත්වී... Read More