බහුතර වරමට එරෙහි වන්නන්ට ඉඩක් නැහැ

Thursday, 18 February 2016 - 18:53

%E0%B6%B6%E0%B7%84%E0%B7%94%E0%B6%AD%E0%B6%BB+%E0%B7%80%E0%B6%BB%E0%B6%B8%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%89%E0%B6%A9%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
පසුගිය මහමැතිවරණයේදී ජනතාව ලබාදුන් බහුතර වරමට එරෙහිවීමට කිසිවෙකුට ඉඩ නොතබන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද (18) පැවති සාකච්ඡාවකින් අනතුරුව විශේෂ ප්‍රකාශයක් කරමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

රටේ තරුණයින්ට රැකියා දසලක්ෂයක් ලබාදීමට ලැබුණු වරම කිසිලෙසකින් ආපසු හැරවිය නොහැකි බවයි අග්‍රාමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේ.