මාව එලවන්න ලෙහෙසි නැහැ

Thursday, 18 February 2016 - 18:59

%E0%B6%B8%E0%B7%8F%E0%B7%80+%E0%B6%91%E0%B6%BD%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%BD%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B7%83%E0%B7%92+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
තමන්ව නිදහස් පක්ෂයෙන් එලවා දැමීමට ඇතැම් පුද්ගලයින් උත්සාහ කළත් එය පහසුවෙන් සිදුකළ නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. අද (18)  පෙරවරුවේ බරපතල වංචා විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිිළිතුරු ලබාදෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

හිටපු ජනාධිපතිවරයා අද බරපතල වංචා විමර්ශන කොමිසම වෙත පැමිණියේ පසුගිය ජනාධිපතිවරණයේදී ස්වාධීන රූපවාහිණි සේවයේ විකාශය කළ දැන්වීම් සඳහා මුදල් නොගෙවීමේ සිද්ධිය පිළිබඳව සිදුකෙරෙන විමර්ශනය සඳහායී.

මේ පිළිබඳව සිදුකරන විමර්ශනයේ අවසන් වටයේ සාක්ෂි කැඳවීම අද ආරම්භ වූ අතර එය දින 04 ක් පුරා පැවැත්වෙනු ඇති.

විමර්ශනයෙන් අනතුරුව කොමිසමේ අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කෙරෙන අතර, එමඟින් ලබාදෙන නිර්දේශ පදනම් කරගනිමින් වැරදිකරුවන්ට එරෙහිව නඩු පැවරීම සිදුකරන බව බරපතල වංචා විමර්ශන කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා සඳහන් කළා.



මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන තවත් ඉහළට
Tuesday, 14 July 2020 - 15:19

මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 2649 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, තවත්... Read More

තමන්ට එරෙහිව අසභ්‍ය වීඩියෝවක් නිර්මාණය කළ අයට දඬුවම් ලැබෙයි (වීඩියෝ)
Tuesday, 14 July 2020 - 15:11

හරීන් ප්‍රනාන්දුට හෝ වෙනත් කාටවත් තමන්ව අභියෝගයක් විය නොහැකි... Read More

CID රැඳවුම්භාරයේ සිටි තවත් නාකොටික් කොස්තාපල්වරයෙකු රිමාන්ඩ්
Tuesday, 14 July 2020 - 14:49

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය භාරයට ගත් මත්කුඩු යළි... Read More