ජනපති අද ඔස්ටි‍්‍රයාවට

Friday, 19 February 2016 - 7:49

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%AF++%E0%B6%94%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E2%80%8D%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
ජර්මනියේ නිල සංචාරයකට එක්ව සිටින  ජනාධිපති මෛත්‍රිීපාල සිරිසේන අද ඔස්ටි‍්‍රයාවේ නිල සංචාරයකට එක්වනවා.

ජනාධිපති මාධ්‍ය ඒකකය සදහන් කලේ ජනාධිපතිවරයා ඔස්ටි‍්‍රයානු ජනාධිපති හයින්ස් ෆිෂර් ද හමුවන බවයි.

සංචාරය  අතුරතුර ජනාධිපතිවරයා ඔස්ටි‍්‍රයාවේ ව්‍යාපාරික ප්‍රජාවද මුණගැසීමට සැලසුම් කර තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකාව සහ ජර්මනිය අතර ඊයේ (18) ද්වීපාර්ශවික අවබෝධතා ගිවිසුම් 3 කට අත්සන් තැබුණා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ජර්මානු සංචාරයට සමගාමීව මෙම ගිවිසුම්වලට ශ්‍රී ලංකාවේ පාර්ශවයෙන් අත්සන් තබා ඇත්තේ විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර සහ ජර්මනියේ ශ්‍රී ලංකා තානපති කරුණාතිලක අමුණුගමයි.

පළමු අවබෝධතා ගිවිසුම යටතේ සංස්කෘතික සබඳතා සහ අධ්‍යාපන ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් දෙරට අතර සහයෝගිතාව වර්ධනය කෙරෙනවා.

අධ්‍යාපනය, භාෂා, ජාතික උරුමයන් සහ කලා නිර්මාණ සංරක්ෂණය, උසස් අධ්‍යාපනය සහ ක්‍රීඩා මේ යටතේ ආවරණය කෙරෙනවා.

දෙවන අවබෝධතා ගිවිසුම යටතේ මෙරට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සහ ජර්මනියේ උසස් අධ්‍යාපන හුවමාරු සේවාව අතර සහයෝගිතාව වර්ධනය කිරීමට නියමිතයි.

දෙරට අතර අධ්‍යයන මට්ටමේ හුවමාරු සිදුකිරීමට මෙමගින් ඉඩ සැලසෙනු ඇති. තුන්වන ගිවිසුම ජර්මනියේ හයිඩල්බර්ග් විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ලංකාව සභාපති ධුරය දරන දකුණු ආසියානු ආයතනය අතර ක්‍රියාත්මක වනු ඇති.

ආයතන දෙක අතර විද්වතුන් හුවමාරු කර ගැනීම මෙහි මූලිකාංගයයි.

දෙරට අතර වෙළඳාම ප්‍රවර්ධනය සඳහා හැකි සෑම පියවරක්ම ගැනීමට ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු ශ්‍රී ලංකා දුත පිරිස ජර්මන් පාර්ශවය සමග පැවති සාකච්ඡාවකදී අවධාරණය කෙරුණා.

මේ අතරච ශ්‍රී ලංකාවේ ආර්ථික, වෙළද, වෘත්තීය පුහුණු අධ්‍යාපනය ආදී සියලූ ක්ෂේත්‍ර සඳහා හැකි සෑම සහයෝගයක්ම ලබා දෙන බවයි ජර්මන් රජයේ විදේශ අමාත්‍ය ෆ‍්‍රෑන්ක් වෝල්ටර් ප්‍රකාශ කළේ.  

ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග ඊයේ පැවති නිල සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.  

සංහිඳියා වැඩපිළිවෙල සාර්ථක කරගැනීම සහ ආර්ථිකය ගොඩනැගීම නව රජය මුහුණ දී ඇති ප්‍රධාන අභියෝග දෙකක් බවයි ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේ.

එසේම ජාතික ඒකාබද්ධතා සහ ප්‍රතිසන්ධාන කටයුතු අමාත්‍යාංශය හා නැවත පදිංචි කිරිමේ අමාත්‍යාංශය ස්ථාපිත කළේ සංහිඳියා වැඩපිළිවෙල සඳහා බවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.

සංහිඳියා වැඩපිළිවෙලේදී මතුව ඇති ගැටලූ මොනවාදැයි ජර්මන් විදේශ අමාත්‍යවරයා මෙහිදි විමසා සිටියා.

ඊට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ දෙපාර්ශවයේම සිටින අන්තවාදී පිරිස්වල කටයුතු ඒ සඳහා බාධාවක් වී ඇති බවයි.

යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට පනවා ඇති මත්ස්‍ය අපනයන තහනම ඉවත් කරගැනීම මෙන්ම GSP ප්ලස් සහනය නැවත ශ්‍රී ලංකාවට ලබාදීමට ජර්මන් රජය කටයුතු කරනු ඇතැයි ද ජනාධිපතිවරයා මෙහිදි විශ්වාසය පළ කළා.



ඡන්ද ප්‍රකාශ කිරීමට පැමිණි කාන්තාවක් ඡන්ද පොළේදී මිය යයි
Wednesday, 05 August 2020 - 18:20

මිනුවන්ගොඩ, අලුතැපොල - වලගම්බා මහා විද්‍යාලයේ පැවති ඡන්ද... Read More

ඡන්ද විමසීම අවසන් වෙද්දී ඡන්දය ප්‍රකාශ කළ ප්‍රතිශතයන්
Wednesday, 05 August 2020 - 17:51

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වන පාර්ලිමේන්තුවට... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,838 දක්වා ඉහළට
Wednesday, 05 August 2020 - 17:24

ශ්‍රී ලංකාවේ කොරෝනාආසාදිතයින්ගේ සංඛ්‍යාව 2,838 දක්වා ඉහළ ගොස්... Read More