රැකියා විරහිත උපාධිධාරින් මානව කොමිසමට

Friday, 19 February 2016 - 8:18

%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%84%E0%B7%92%E0%B6%AD+%E0%B6%8B%E0%B6%B4%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7
රජයේ රැකියා ලබාදෙන ලෙස ඉල්ලා පසුගිය 16 වනදා කොටුවේ පැවති විරෝධතාවය පොලිසිය කඳුළු ගෑස් සහ අධිපීඩන ජල ප්‍රහාර එල්ල කර විසුරුවා හැරීමට එරෙහිව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට අද (19) පැමිණිලි කරන බව රැකියා විරහිත උපාධිධාරී සංගමය පවසනවා.

එම සංගමයේ කැඳවුම්කරු ධම්මික මුණසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ මෙහිදී තම මානව හිමිකම් උල්ලංඝනය වීමක් සිදුව ඇති බවයි.

ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ මෙම මෙම ගැටලූව සම්බන්ධයෙන් ඊයේ හිරු ආර්ටිකල් ෆෝටීන් විශේෂාංගය තුළින්ද සංවාදයට ලක්වුණා.

එහිදී මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන එම සංගමයට පොරොන්දු වූයේ ලබන අඟහරුවාදා ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබාදීමට තමන් සූදානම් බවයි.