ශිරාණි බණ්ඩාරනායක නිදහස්

Friday, 19 February 2016 - 10:50

%E0%B7%81%E0%B7%92%E0%B6%BB%E0%B7%8F%E0%B6%AB%E0%B7%92+%E0%B6%B6%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BB%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A
හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහිව අල්ලස් හෝ දූෂණ කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනුකර තිබූ නඩුව අද ඉල්ලා අස්කර ගනු ලැබුවා.

ඒ අනුව, හිටපු අගවිනිසුරුවරිය එම නඩුවෙන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය නියෝග කළා.

අද මෙම නඩුව කැඳවූ අවස්ථාවේ අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතීඥයන් කියා සිටියේ එම නඩුව ඉල්ලා අස්කර ගන්නා ලෙස කොමිසම මගින් දැනුම්දී ඇති බවයි.

හිටපු අගවිනිසුරුවරියගේ වත්කම් හා බැරකම් හෙළි කර නොමැති බවට චෝදනා කරමිනුයි මෙම නඩුව ගොනුකර තිබුණේ.