ඉන්දියාවේ සාර්ක් චන්ද්‍රිකා වැඩසටහනට ලංකාව පමණයි

Friday, 19 February 2016 - 13:00

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%83%E0%B6%A7%E0%B7%84%E0%B6%B1%E0%B6%A7+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B6%B8%E0%B6%AB%E0%B6%BA%E0%B7%92
2014 වසරේ නේපාලයේ පැවති 18 වන සාර්ක් සමුළුවේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ අදහසක් අනුව දියත් කෙරුණු සාර්ක් කලාපීය චන්ද්‍රිකා වැඩසටහනට මෙතෙක් එක්වී සිටින්නේ ශ්‍රී ලංකාව පමණක් බව ඉන්දීය පුවත්පතක් හෙළිදරව් කළා.

ඉන්දීය චන්ද්‍රිකා පර්යේෂණ ආයතනය ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාව ඒ සඳහා නිල වශයෙන් එකඟ වී ඇති අතර, සාර්ක් සංවිධානයේ අනෙකුත් රටවල් හයම ඒ සඳහා මෙතෙක් එක්වී නොමැති බවයි.

පාකිස්ථානය ඇතුළු අනෙකුත් රටවල් ඒ සඳහා පළ කර ඇත්තේ ප්‍රතිපත්තිමය එකඟතාවක් පමණයි.

ඉන්දියාවට කලාපය තුළ දේශපාලන සහ විද්‍යාත්මක ක්ෂේත්‍රයේ ප්‍රමුඛස්ථානය ලබාදෙන මෙම ව්‍යාපෘතියට එක්වීමට ඇතැම් රටවල් මැලි වී සිටින බව ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත වැඩිදුරටත් සඳහන් කළා.

විශේෂයෙන් තම රටේ සංවේදී දත්ත මෙම ව්‍යාපෘතිය තුළින් ඉන්දියාව අතට පත්විය හැකි බවට පාකිස්ථානය බිය පළ කරන්නේයැයි පුවත්පත කියා සිටියා.

ඉන්දියාවේ ප්‍රමුඛත්වයෙන් මෙම සාර්ක් චන්ද්‍රිකා වැඩසටහන මේ වසර අගදී හෝ ලබන වසර මුලදී ආරම්භ කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

සාර්ක් කලාපයේ සාමාජික රටවල් සියල්ල එක් නොවුව ද ඒ යටතේ චන්ද්‍රිකා උඩු ගුවනට යැවීම සිදුකරන බවයි ඉන්දීය චන්ද්‍රිකා පර්යේෂණ ආයතනය සඳහන් කළේ.

ඉන්දීය රුපියල් කෝටි 235 ක වියදමින් දියත් කරන වැඩපිළිවෙල තුළින් සන්නිවේදන, ගුවන් විදුලි, ආපදා කළමණාකරණ, රූපවාහිනි අධ්‍යයන සහ වෛද්‍ය සහායක සේවා ශක්තිමත් කළ හැකි බව ඉන්දියාවේ අදහසයි.

ව්‍යාපෘතියට සාර්ක් කලාපයේ අනෙකුත් රටවල් එක් කර ගැනීම සඳහා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බවත් ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත සඳහන් කළා. 


ලෝක බලවතුන්ගේ සමුළුවක්
Tuesday, 14 July 2020 - 8:08

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයින් 5 දෙනා... Read More

වූහාන් හි ගං වතුරෙන් 141 දෙනෙකු ජීවිතක්ෂයට
Monday, 13 July 2020 - 20:14

කොවිඩ් වසංගතයේ මූලාරම්භය සිදුවූ වූහාන් නගරය පිහිටි හුබෙයි... Read More

ඇමරිකාවේ ප්‍රහාරක නෞකාවක් ගිනිගැනීමෙන් 21 කට තුවාල (ඡායාරූප)
Monday, 13 July 2020 - 9:06

ඇමරිකාවේ සැන්ඩියාගෝහිදී ප්‍රහාරක නෞකාවක් පිපිරීමට ලක්ව... Read More