ස්වාධීන රූපවාහිනි සිද්ධියේ වාර්තාව ලබන මාසයේ

Friday, 19 February 2016 - 12:52

%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%B0%E0%B7%93%E0%B6%B1+%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B6%B8%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B7%9A
ස්වාධීන රූපවාහිනි සිද්ධිය සම්බන්ධයෙන් බරපතල වංචා විමර්ශන කිරීම සඳහා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ අවසන් වාර්තාව ලබන මාසයේදී ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිතයි.

එමෙන්ම එම වාර්තාව නීතිපතිවරයා වෙත ද යොමු කිරීමට නියමිත බවයි කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී සඳහන් කළේ.

පසුගිය ජනාධිපතිවරණයේදී ස්වාධින රූපවාහිනියේ විකාශය වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දැන්වීම් සඳහා මුදල් නොගෙවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති පරීක්ෂණ කොමිසම විමර්ශන ආරම්භ කළේ මීට මාස 3 කට ඉහතදීයි.

සිද්ධියට අදාළව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ස්වාධීන රූපවාහිනියේ හිටපු නිලධාරින් රැසකගෙන් ප්‍රකාශ සටහන් කර ගනු ලැබුවා.

ඒ අනුව මීට සතියකට පෙර ජනාධිපති කොමිසම මූලික වටයේ සාක්ෂි විමසීම අවසන් කළ අතර විත්තියේ පාර්ශවයෙන් සාක්ෂි විමසීම සඳහා පෙබරවාරි 18, 19, 25 සහ 26 දින හතර වෙන් කිරීමටයි තීරණය වුණේ.

ඒ අනුව ඊයේ දිනයේ විත්තියෙන් සාක්ෂි විමසීම ආරම්භ කෙරුණා. එම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ස්වාධීන රූපවාහිනියේ හිටපු නිලධාරින් රැසක් එක්වූ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

අද (19) දෙවන දිනය සඳහා ද හිටපු ජනාධිපතිවරයා ජනාධිපති කොමිසම වෙත පැමිණියා.

මූලික සාක්ෂි විමසීමේදී සහ විත්තියෙන් සාක්ෂි විමසීමේදී ස්වාධීන රූපවාහිනි සිද්ධිය පිළිබඳව තොරතුරු රැසක් අනාවරණ වී ඇති බවයි ජනාධිපති කොමිසම ප්‍රකාශ කළේ.

ජනාධිපතිවරයා සහ නීතිපතිවරයා වෙත යොමුකෙරන අවසන් පරීක්ෂණ වාර්තාවට අනුව චූදිතයන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කිරීමට නියමිතයි.

මූලික සාක්ෂි විමසීම සහ විත්තියේ සාක්ෂි විමසීම තුළින් හෙළි වූ තොරතුරු ජනාධිපති කොමිසමේ පංච පුද්ගල විනිසුරු මඩුල්ල තහවුරු කිරීමෙන් පසු එය මත පදනම්ව අවසන් වාර්තාව කඩිනමින් සකස් කෙරෙනු ඇති බවයි ජනාධිපති කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා හිරු ප්‍රවෘත්ති අංශයට වැඩිදුරටත් කියා සිටියේ.