එට්කා වලට හොඳ සහ නරක

Friday, 19 February 2016 - 13:23

%E0%B6%91%E0%B6%A7%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F+%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B7%84%E0%B7%9C%E0%B6%B3+%E0%B7%83%E0%B7%84+%E0%B6%B1%E0%B6%BB%E0%B6%9A
‘‘එට්කා’’ හෙවත් ඉන්දු - ශ්‍රී ලංකා තාක්ෂණික සහ වෙළඳ සහයෝගිතා ගිවිසුම රටට එන ආයෝජකයන් ඉන්දියාවට හැරවීමේ උගුලක් බව තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය පවසනවා.

එහි ලේකම් ලසන්ත වික්‍රමසිංහ කොළඹ අද (19) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ මෙවැනි ගිවිසුමක් ඇති කර ගැනීම සඳහා ඉක්මන් නොවිය යුතු බවයි.

කිසිදු නිශ්චිත වගන්තියක් නොමැතිව ඉන්දියාව සමග අත්සන් කිරීමට යන එට්කා ගිවිසුමට විරෝධය පළ කරන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කළේ ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතා ගිවිසුම් සඳහා රාමුවක් යැයි කියමින් ඉන්දියාව සමග විවෘත ගිවිසුමක් අත්සන් කිරීමට ආණ්ඩුව සූදානම් වන බවයි.

මේ අතර, එට්කා හෙවත් ඉන්දු - ශ්‍රී ලංකා තාක්ෂණික සහ වෙළඳ සහයෝගීතා ගිවිසුම සම්බන්ධයෙන් අද දිනයේත් මාධ්‍ය හමු කිහිපයකදීම අදහස් පළ වුණා.

තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී එහි ලේකම් ලසන්ත වික්‍රමසිංහ කියා සිටියේ මෙම ගිවිසුම හේතුවෙන් ඉතා කෙටි කලක් ඇතුළත තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් මෙරටට තිබූ වාසිය ඉන්දියාවට ලැබෙනු ඇති බවයි.

කෙසේ වෙතත්, විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය, ආචාර්ය හර්ෂ ද සිල්වා අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ මෙමගින් ශ්‍රී ලංකාවට පැමිණ බලහත්කාරයෙන් රැකියාවල නිරතවීමට ඉන්දියානුවන්ට ඉඩ නොලැබෙන බවයි.

කෙසේ වෙතත්, බදුල්ල ප්‍රදේශයේ අද පැවති මාධ්‍ය හමුවකදී  විදුලි සන්දේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු එට්කා ගිවිසුමට එරෙහි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට දැඩි චෝදනා එල්ල කළා. 





අම්පාර පොලිස් ගරාජයේ OIC තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කෙරේ
Tuesday, 14 July 2020 - 15:56

පාස්කු ප්‍රහාරයට සමගාමීව පසුගිය වසරේ අප්‍රේල් මස 26 වන දින... Read More

මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන තවත් ඉහළට
Tuesday, 14 July 2020 - 15:19

මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 2649 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, තවත්... Read More

තමන්ට එරෙහිව අසභ්‍ය වීඩියෝවක් නිර්මාණය කළ අයට දඬුවම් ලැබෙයි (වීඩියෝ)
Tuesday, 14 July 2020 - 15:11

හරීන් ප්‍රනාන්දුට හෝ වෙනත් කාටවත් තමන්ව අභියෝගයක් විය නොහැකි... Read More