මලයාසියාව විදේශ ශ්‍රමිකයන් බඳවා ගැනීම අත්හිටුවයි

Friday, 19 February 2016 - 13:38

%E0%B6%B8%E0%B6%BD%E0%B6%BA%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B6%B3%E0%B7%80%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%BA%E0%B7%92
විදේශ ශ්‍රමිකයන් තම රටේ රැකියා සඳහා බඳවා ගැනීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවූ බව එරට නියෝජ්‍ය අග්‍රාමාත්‍ය අහමඩ් සාහිඩ් හමීඩි අද නිවේදනය කළා.

බංග්ලාදේශය ඇතුළු රටවලින් මෙලෙස විදේශීය ශ්‍රමිකයන් බඳවා ගැනීම අත්හිටුවූ අතර, දේශීය ශ්‍රමිකයන් අදාළ රැකියා සදහා බඳවා ගන්නා ලෙස සියලූම මලයාසියානු හාම්පුතුන්ගෙන් ඉල්ලා සිටින බවයි ඔහු සදහන් කළේ.

එමෙන්ම, නීතිවිරෝධී ලෙස තම රට තුළ රැදී සිටින විදේශ ශ්‍රමිකයන් අත්අඩංගුවට ගෙන පිටුවහල් කිරීමට කටයුතු කරන බවද, මලයාසියානු ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ද වන නියෝජ්‍ය අගමැති අහමඞ් හමීඩ් කියා සිටියා.