තරගකාරි ලෝක ආර්ථිකය තුළ ඉදිරියට ඒමට ශ්‍රී ලංකාව සූදානම්

Friday, 19 February 2016 - 14:08

%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%92+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A%E0%B6%BA+%E0%B6%AD%E0%B7%94%E0%B7%85+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%92%E0%B6%B8%E0%B6%A7+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
තරගකාරි ලෝක ආර්ථිකය තුළ පෙරට ඒමට ශ්‍රී ලංකාව දැන් සූදානම් බැවින් නොබියව ශ්‍රී ලංකාවේ ආයෝජන සිදුකරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජර්මන් ආයෝජකයින්ට ආරාධනා කර තිබෙනවා.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ ජර්මන් ව්‍යාපාරික කවුන්සිලය සංවිධානය කළ ව්‍යාපාරික සමුළුව ඊයේ අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

ජර්මනියේ ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරික සමාගම් 250 ක පමණ නියෝජිතයින් ඊට එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම නිදහස සහ සාමය තහවුරු වී ඇති ශ්‍රී ලංකාව තුළ මේ වනවිට ආයෝජන සදහා මිත්‍රශීලි වාතාවරණයක් ගොඩනැගී ඇති බවයි ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ.