ජී එස් පී ලබා ගන්න ඔස්ටි‍්‍රයාවත් සහායට

Saturday, 20 February 2016 - 8:04

%E0%B6%A2%E0%B7%93+%E0%B6%91%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%93+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%94%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E2%80%8D%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B7%8F%E0%B6%BA%E0%B6%A7
මිත්‍රශීලී රාජ්‍යයන් ලෙස ආර්ථික සහයෝගීතාව ඉහළ නංවා ගැනීමට ශ්‍රී ලංකා - ඔස්ටි‍්‍රයා ජනාධිපතිවරුන් එකඟත්වකට පැමිණියා.

ඒ, එරට ජනාධිපති කාර්යාලයේ ඊයේ පැවැති සාකච්ඡාවේදියි.

නිළ සංචාරයක් සඳහා ඔස්ටි‍්‍රයාවට පැමිණි ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එරට ජනාධිපති හයින් ෆිෂර් උණුසුම් අයුරින් පිළිගත් බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළා.

වසර 26ක ත්‍රස්තවාදය අවසන් වීමෙන් පසු පශ්චාත් යුද සමය තුළ ක්‍රියාත්මක සංහිදියාව ගොඩනැංවීමේ වැඩපිළිවෙල පිළිබද ශ්‍රී ලංකා ජනාධිපතිවරයා මෙහිදී ඔස්ටි‍්‍රයානු නායකයා දැනුවත් කළා.

ජී.එස්.පී සහනය නැවත ශ්‍රී ලංකාවට ලබාදීම සදහා උපරිම සහාය ලබාදෙන බවයි එරට ජනාධිපතිවරයා මෙම හමුවේදී ප්‍රකාශ කර ඇත්තේ.