ඇමති රාජිත ප්‍රතිකාර සඳහා සිංගප්පුරුවට

Saturday, 20 February 2016 - 9:43

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%AD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%A7
සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වෛද්‍ය ප්‍රතිකාර සඳහා සිංගප්පුරුවට පිටත්ව ගොස් තිබෙනවා.

වාර්ෂිකව සිදුකෙරෙන වෛද්‍ය පරීක්ෂණ කටයුතු සඳහා ඊයේ පස්වරුවේ අමාත්‍යවරයා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත්ව තිබුනා.

එහිදී නිරීක්ෂණය වු රෝගී තත්වයකට අවශ්‍ය වුවහොත් වැඩිදුර ප්‍රතිකාර ලබාගැනීම සඳහා ඔහු සිංගප්පුරුව බලා පිටත්ව ගිය බවයි රාජිත සේනාරත්නගේ මාධ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කලේ.

ඒ අනුව අද පෙරවරු 9.25 ට පමණ අමාත්‍යවරයා සිංගප්පුරුවට රැගෙන ගිය බව අප ගුවන්තොටුපල වාර්තාකරු සඳහන් කලා.

අමාත්‍යවරයා සමග තවත් 6 දෙනෙකු සිංගප්පුරුව බලා පිටත්ව ගිය බව ද සඳහන්.

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නගේ මාධ්‍ය ලේකම්වරයා සඳහන් කලේ අමාත්‍යවරයාට කිසිදු බරපතල රෝගී තත්වයක් නොමැති බවයි.

රෝගය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සඳහා පමණක් සිංගප්පුරුවට රැගෙන ගිය බවයි ඔහු කියාසිටියේ.