කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ ජලය අත්හිටුවයි

Saturday, 20 February 2016 - 10:09

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%85%E0%B6%AF+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%A2%E0%B6%BD%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%BA%E0%B7%92
කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පස්වරු 1 සිට හෙට උදෑසන 5 දක්වා පැය 16ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කළා.

ඒ, කලටුවාව ජල පවිත්‍රාගාරයේ නවීකරණ කටයුත්තක් හේතුවෙන්.

ඒ අනුව හංවැල්ල, කළුඅග්ගල, මීපේ, පාදුක්ක, ගොඩගම, හෝමාගම, කොට්ටාව, පන්නිපිටිය, රුක්මල්ගම, පැලන්වත්ත සහ මත්තේගොඩ යන ප්‍රදේශවලට එම කාලය තුළ ජල සැපයුම අත්හිටුවනු ඇති.

මීට අමතරව එම කාලය තුළ මහරගම, බොරැලැස්ගමුව, බොරැල්ල, දෙමටගොඩ සහ මරදාන යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජල සැපයුම සිදුකෙරෙන බවයි ජල සම්පාදන මණ්ඩලය සදහන් කළේ.