දික්වැල්ලේදී සැමියාගේ පහරදීමෙන් බිරිඳ මිය යයි

Saturday, 20 February 2016 - 10:26

%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B3+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
දික්වැල්ල - සුදුවැල්ල ප්‍රදේශයේදී සැමියා විසින් පොරවකින් පහර දී බිරිඳ ඝාතනය කිරීමේ සිද්ධියක් වාර්තා වනවා.

 ඊයේ පස්වරුවේ මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

මිය ගොස් ඇත්තේ 27 හැවිරිදි කාන්තාවක්. ඝාතනය සිදුකළ පුද්ගලයා ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවටයි වාර්තා වන්නේ.