කච්චතිව් මංගල්‍යය අද ඇරඹේ

Saturday, 20 February 2016 - 12:58

%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8A+%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
කච්චතිව් දු පතේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය අද (20)  සවස ආරම්භ වනවා.  

ඒ, හෙට දිනයේ පැවැත්වෙන මංගල්‍යය මෙහෙයට පෙර පැවැත්වෙන විශේෂ දේව මෙහෙයකින්.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මේ වනවිටත් ඉන්දීය සහ ලාංකික බැතිමතුන් එහි ළඟාවෙමින් සිටින බවයි.

කච්චතිව් මංගල්‍යය සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක් සිදුකරමින් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේ ඉන්දීය යාත්‍රා  100 කට අධික සංඛ්‍යාවකින් ඉන්දීය බැතිමතුන් 3800 ක් කච්චතිව් දු පතට පැමිණෙනු ඇති බවයි.

ඔවුන් දකුණු ඉන්දියාවේ සිට ඉන්දු ලංකා ජාත්‍යන්තර මුහුදු සීමාව දක්වා ඉන්දීය නාවික හමුදාව සහ වෙරළාරක්ෂක බලකායේ මෙහෙයවීමෙන් රැගෙන එන අතර, ඉන් පසුව ඔවුන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ භාරකාරීත්වය යටතේ කච්චතිව් දුපතට රැගෙන යනු ඇති.
 
අදින් ඇරඹෙන ශාන්ත අන්තෝනි මංගල්‍යය සඳහා ශ්‍රී ලාංකික බැතිමතුන් 3500 කට අධික පිරිසක් එක්වනු ඇති බවට ද අපේක්ෂා කරනවා.

ඔවුන් සඳහා අවශ්‍ය මූලික පහසුකම් සැපයීමට නාවික හමුදාව කටයුතු කරන අතර, විශේෂ භාණ්ඩ ප්‍රවාහනය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ‘‘ශක්ති’’ නාවික යාත්‍රාව යෙදවීමට බලාපොරොත්තුවන බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

වාර්ෂිකව පැවැත්වෙන කච්චතිව් ¥පතේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයේ ප්‍රධාන දේව මෙහෙය හෙට උදෑසන යාපනය අගරදගුරු ජස්ටින් බර්නාඞ් ඥානප්‍රකාශම් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි. 


පදික වේදිකාවේ වාහන නතර කරන පුද්ගලයන්ට නීතිය දැඩි වෙයි
Thursday, 16 July 2020 - 18:32

පදික වේදිකාවේ සහ වාහන නතර කිරීම තහනම් කර ඇති ස්ථානවල වාහන... Read More

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය - අද 06.55ට
Thursday, 16 July 2020 - 18:21

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් ගණන 2682ක් දක්වා ඉහළට
Thursday, 16 July 2020 - 17:48

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 2682ක් දක්වා... Read More