ජයග්‍රහණ රැසක් සමඟ ජනපති යලි දිවයිනට

Sunday, 21 February 2016 - 8:32

%E0%B6%A2%E0%B6%BA%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%AB+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%BA%E0%B6%BD%E0%B7%92+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7
ජර්මනියේ සහ ඔස්ටි‍්‍රයාවේ නිල සංචාරයක නිරතවූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද උදෑසන නැවතත් ශ්‍රී ලංකාවට පැමිණියා.

ඩුබායි සිට අද උදෑසන 8.15 ට පමණ කටුනායක ගුවන් තොටුපලට ළඟාවූ ඊ.කේ. 650 දරණ ගුවන් යානයෙන් ජනාධිපතිවරයා පැමිණි බවයි හිරු  ගුවන් තොටුපල වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර යුරෝපා සංචාරයෙන් අනතුරුව තමන් යළි මව්බිමට පැමිණෙන්නේ බොහෝ දේ දිනාගෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.

ඒ, ඔස්ටි‍්‍රයාවේ දෙදින නිල සංචාරය අවසන් කරමින් ඊයේ වියනා නුවරදී එරට සිටින ශ්‍රී ලාංකිකයන් හමුවෙමින්.

එම කටයුතු සංවිධාන කර තිබුණේ ඔස්ටි‍්‍රයාවේ ශ්‍රී ලාංකික එකමුතුවයි.

අද ශ්‍රී ලංකාවට සතුරන් නොමැති බව ප්‍රකාශ කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකාව දියුණු කිරීමට ලෝකයේ සියලූ රටවල සහය ලබා ගන්නා බව මෙහිදී කියා සිටියා.

මේ අතර ඔස්ටි‍්‍රයාවේ ප්‍රමුඛ පෙළේ සමාගම් රැසක් මෙරට ආයෝජන සිදුකිරීම සඳහා එකඟත්වය පළකර තිබෙනවා.

ඔස්ටි‍්‍රයානු සහ ශ්‍රී ලාංකික ව්‍යාපාරික ප්‍රජාවේ සහභාගීත්වයෙන් වියනා නුවර පැවති සාකච්ඡාවලදී මේ බව අනාවරණ වූයේ යැයි ශ්‍රී ලංකා වානිජ මණ්ඩලය ප්‍රකාශ කළා.

ඔස්ටි‍්‍රයාව සහ ශ්‍රී ලංකාව අතර  වෙළඳ සංචාරක සහ අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ද්විපාර්ශවික සහයෝගීතාව වර්ධනය කරගැනීම සඳහා මෙහිදී එකඟත්වය පළවුණා.

ඔස්ටි‍්‍රයාව වැනි මිතුරු රටවල් සමඟ ශ්‍රී ලංකාවේ පෙර ගමන වේගවත් වනු ඇති බවයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ.