ට්‍රම්ප් සහ හිලරි ජනපති ධුරයට ළංවේ

Sunday, 21 February 2016 - 8:54

%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B7%84%E0%B7%92%E0%B6%BD%E0%B6%BB%E0%B7%92+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B7%85%E0%B6%82%E0%B7%80%E0%B7%9A
ඇමරිකානු ජනාධිපති ධුර අපේක්ෂකත්වය සඳහා ඊයේ පැවති ඡන්ද විමසීම්වලදී රිපබ්ලිකන් පක්ෂයේ ඩොනල්ඞ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂයේ හිලරි ක්ලින්ටන් ජයග්‍රහණය කිරීමට සමත්වුණා.

නෙවාඩා ප්‍රාන්තයේ ඡන්ද විමසීමෙන් ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂකත්වය සඳහා හිලරි ක්ලින්ටන් පෙරමුණට පැමිණි අතර, දකුණු කැරලයිනා ප්‍රාන්තයේ ඡන්ද විමසීමෙන් රිපබ්ලිකන් පක්ෂයේ ඩොනල්ඞ් ට්‍රම්ප් ජයග්‍රහණය කළා.

ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ප්‍රතිවාදීන් වන ටෙඞ් කෲස් සහ මාකෝ රූබියෝ අතර දෙවන ස්ථාන සඳහා පවතින්නේ තියුණු තරඟයක්.

නෙවාඩා ඡන්ද විමසීමේදී හිලරි ක්ලින්ටන් සිය ප්‍රතිවාදී බර්නි සැන්ඩර්ස් අභිබවා ගියේ සියයට 52 ක ඡන්ද ප්‍රතිශතයක් හිමිකරගනිමින්.

ඇමරිකාවේ ජනාධිපති ධුර අපේක්ෂකත්වය සඳහා මෙලෙස ප්‍රාන්ත මට්ටමින් ඡන්ද විමසීම් පැවැත්වෙන අතර, ලබන මාර්තු පළමුවනදා ඒ සඳහා ප්‍රාන්ත රැසක ඡන්ද විමසීම් පැවැත්වීමට නියමිතයි.

සුපිරි අඟහරුවාදා ලෙස හඳුන්වන එම දිනයේදී පැවැත්වෙන ඡන්ද විමසීම සඳහා ඊයේ පැවති මත විචාරණවල ප්‍රතිඵල වැදගත් වන බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.

ඇමරිකාවේ ජනාධිපතිවරණය මේ වසරේ නොවැම්බර් මාසයේදි පැවැත්වීමට නියමිතයි.


ඉන්දියාවේ ගං වතුර හේතුවෙන් පුද්ගලයින් 60 ක් ජීවිතක්ෂයට
Thursday, 16 July 2020 - 13:38

කොරෝනා වසංගතය හමුවේ දැඩි බලපෑමට ලක්ව සිටින ඉන්දියාවේ ඇසෑම්... Read More

සයිබීරියාවෙන් අධික උෂ්ණත්වයක් වාර්තාවෙයි
Thursday, 16 July 2020 - 13:31

මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් සයිබීරියාවෙන් අධික උෂ්ණත්වයක්... Read More

ලෝක බලවතුන්ගේ සමුළුවක්
Tuesday, 14 July 2020 - 8:08

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයින් 5 දෙනා... Read More