ජෙබ් බුෂ් ජනාධිපතිවරණ සටනෙන් ඉවතට

Sunday, 21 February 2016 - 10:57

%E0%B6%A2%E0%B7%99%E0%B6%B6%E0%B7%8A+%E0%B6%B6%E0%B7%94%E0%B7%82%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B7%83%E0%B6%A7%E0%B6%B1%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B6%A7
ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරුන් වන ජෝර්ජ් බුෂ්ගේ පුත්‍රයෙකු මෙන්ම ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්ගේ සොහොයුරු ජෙබ් බුෂ් රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක ධුර සටනින් ඉවත්වී තිබෙනවා.

ජනාධිපති ධුර අපේක්ෂකත්වය සඳහා පැවති ප්‍රථම ප්‍රාන්ත ඡන්ද විමසීම් තුනෙන්ම ප්‍රමාණවත් ඡන්ද ප්‍රතිශතයක් ලැබීමට ඔහු සමත්වූයේ නැහැ.

ෆ්ලොරිඩා ප්‍රාන්තයේ හිටපු ආණ්ඩුකාර ජෙබ් බුෂ් කියා සිටියේ තමා මෙවර ඇමරිකානු ඡන්ද ව්‍යාපාරයෙන් ඉවත්වන බවයි.

ඊයේ පැවති දකුණු කැරලයිනා ඡන්ද විමසීමේදි ඩොනල්ඞ් ට්‍රම්ප් පෙරමුණට පැමිණි අතර, ජෙබ් බුෂ්ට හිමිවූයේ හතරවන ස්ථානයයි.