කෝටියක කේරළ ගංජා වැල්වැටිතුරෙන්

Monday, 22 February 2016 - 7:46

%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9A%E0%B7%9A%E0%B6%BB%E0%B7%85+%E0%B6%9C%E0%B6%82%E0%B6%A2%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
රුපියල් කෝටියක වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝග්‍රෑම් 8 යි ග්‍රෑම් 150 ක් වැල්වැටිතුරෙයි - පොලිකන්ඩි බටහිර ප්‍රදේශයෙන් සොයාගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ කේරළ ගංජා සමඟ වයස අවුරුදු 27 ක පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචි තරුණයෙකුද අත්අඩංගුවට ගෙන ඇති බවයි.

සැකකරු අද පේදුරුතුඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.