ගර්භණී සමයේ ලිංගික සංසර්ගයෙන්?

Monday, 22 February 2016 - 8:28

%E0%B6%9C%E0%B6%BB%E0%B7%8A%E0%B6%B7%E0%B6%AB%E0%B7%93+%E0%B7%83%E0%B6%B8%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BD%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B6%82%E0%B7%83%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%3F
මෙරට ජන ගහනයෙන් බොහෝ පිරිසක් විධිමත් පවුල් සැලසුම් ක්‍රම අනුගමනය නොකරන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ පවුල් සෞඛ්‍ය කාර්යංශය පවසනවා.

එහි සංඛ්‍යා ලේඛණ වලට අනුව අනාවරණ වන්නේ කාන්තාවන් සියයට 45 ක් විධිමත් පවුල් සැලසුම් ක්‍රම අනුගමනය නොකරන බවයි.

පසුගිය වසර දෙකේදී සිදුව ඇති මාතෘ මරණ සංඛ්‍යාව 150 ක්.

ගර්භණී සමයේදී ලිංගික සංසර්ගයේ යෙදීමේදී සිදුවු සංකූලතා හේතුවෙන් තවත් කාන්තාවන් පිරිසක් මිය ගොස් තිබෙනවා.

පවුල් සැලසුම් ක්‍රම හෝ ප්‍රජනන සෞඛ්‍ය ගැටලු සම්බන්ධයෙන් නිරන්තරයෙන් පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගෙන් උපදෙස් ගන්නා ලෙසයි ජනතාවට දැනුම් දෙන්නේ.