ඉන්දු - ලංකා ගිලන් රථ සේවයට වැඩි පිරිසක් ශ්‍රී ලංකාවෙන්

Monday, 22 February 2016 - 12:59

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+-+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
යෝජිත ඉන්දු - ශ්‍රී ලංකා ගිලන් රථ සේවයට  ශ්‍රී ලාංකික වෘත්තිකයන් බහුතරයක් සම්බන්ධ කරගැනීමට බලාපොරොත්තු වන බව ඉන්දියාව පවසනවා.

එරට මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඉන්දීය රජයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ අදාළ ව්‍යාපෘතිය සඳහා සැළසුම් නිලධාරීන්  කිහිපදෙනෙකු හැර වෙනත් ඉන්දීය ජාතිකයන් කිසිවෙකු සම්බන්ධ නොවන බවයි.

 හයිද්‍රබාද් හි පිහිටි ඉන්දීය හදිසි අවස්ථා කළමනාකරන සහ සමීක්ෂණ ආයතනයේ මෙහෙයවීම යටතේ මෙම ගිලන් රථ සේවය ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කිරීමට යෝජනා කර තිබුණා.

 ඒ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ මෙරට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර පැවති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙසයි.

ඒ අනුව ආරම්භක පියවරක් ලෙස මෙම ගිලන් රථ සේවය බස්නාහිර සහ දකුණු පළාත්වල ඉදිරියේදී ආරම්භ කෙරෙනවා.

ඒ සඳහා ගිලන් රථ 88 ක් සහ ලාංකික සේවකයන් 600 කට අධික සංඛ්‍යාවක් සම්බන්ධ කරගැනීමට නියමිතයි.

ඒ පරිපූරක වෛද්‍ය සහ සහය කාර්ය මණ්ඩලය යන තනතුරු සඳහායි.   

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර එකඟතාව අනුව මෙම සේවය අවුරුද්දක කාලයක් සඳහා නොමිලේ ලාංකිකයන්ට ලබාදීමට සැළසුම් කර තිබෙනවා.

ගිලන් රථ සේවය අරඹා වසරකින් පසුව ගිවිසුම නැවත සළකා බැලීමක් සිදුකර එය තවදුරටත් නොමිලේ ලබාදෙනවාද යන්න පිළිබඳව ලක් රජය තීරණයක් ගැනීමට නියමිතයි.


ප්‍රකාශිත ප්‍රතිඵල අනුව පොහොට්ටුව ඉදිරියෙන් - දුරකතනය දෙවන බලවේගය වේ
Thursday, 06 August 2020 - 20:47

2020 පාර්ලිමේන්තු මැතිවරණයේ මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල වලට... Read More

අනුරාධපුරයේ ජයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට
Thursday, 06 August 2020 - 20:36

අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලු මැතිවරණ බල ප්‍රදේශවල ප්‍රතිඵල... Read More

බිඳ වැටුණු විදුලි සැපයුම අද රාත්‍රියට පෙර යථා තත්ත්වයට
Thursday, 06 August 2020 - 20:33

වර්ෂාවත් සමඟ ප්‍රදේශ රැසකට බලපෑ තද සුළං තත්ත්වය හේතුවෙන්... Read More