හිටපු ජනපති කතරගම

Monday, 22 February 2016 - 13:14

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%B8
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ රුහුණු කතරගම මහා දේවාලය වෙත ගොස් ආගමික වතාවත්වල නිරතවුණා.

ඊයේ රාත්‍රියේ දේවාලය වෙත පැමිණි හිටපු ජනාධිපතිවරයා මෙලෙස ආශිර්වාද ලබාගත් බවයි කතරගම හිරු වාර්තාකරු සඳහන් කළේ.

එමෙන්ම හිටපු ජනාධිපතිවරයා කතරගම - කිරි වෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේද වන්දනාමාන කර තිබෙනවා.  

හිටපු ජනාධිපතිවරයා පළතුරු වට්ටියක් කතරගම දෙවියන් වෙත පූජා කර බිම දිගාවී කතරගම දෙවියන් වන්දනාකර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

පළමුව කතරගම - කිරිවෙහෙර පුදබිම වෙත පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙනුවෙන් ආගමික වතාවත් සිදුකරනු ලැබුවේ කතරගම කිරි වෙහෙර රජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් විසින්. අනතුරුව කිරිවෙහෙරේදී බුද්ධ පූජාවක් පවත්වා ආශීර්වාද ලබා ගැනීමෙන් පසුව හිටපු ජනාධිපතිවරයා කතරගම දේවාල භූමිය වෙත පැමිණ තිබුණා.  

ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කතරගම දේවාල භූමියට පැමිණ සිටි ජනතාව සමඟ ඡායාරූපවලට පෙනී සිට ඇති අතර, ඔහු එහි පැය 03 කට ආසන්න කාලයක් දේවාල පරිශ්‍රයේ රැඳී සිටි බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.


සැඟවා සිටි නාකොටික් IP බාරවෙයි
Tuesday, 07 July 2020 - 12:03

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය තුළ සිදුව ඇති මත්ද්‍රව්‍ය... Read More

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු සඳහා ගෙවනු ලබන විශේෂ පොලී අනුපාත කිසිදු වෙනසක් නෑ
Tuesday, 07 July 2020 - 11:34

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු සඳහා ගෙවනු ලබන විශේෂ පොලී... Read More