වැලිකඩදීත් දම් දෙසූ ඥණසාර හිමි

Monday, 22 February 2016 - 13:32

%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B6%A9%E0%B6%AF%E0%B7%93%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%96+%E0%B6%A5%E0%B6%AB%E0%B7%83%E0%B7%8F%E0%B6%BB+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92
බන්ධනාගාරගතව සිටින බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥණසාර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් අද වැලිකඩ බන්ධනාගාර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රැඳවියන්ට ආගමික වැඩසටහනක් පැවැත්වෙනවා.

මෙම අවස්ථාවට තවත් ස්වාමීන් වහන්සේලා කිහිප නමක්  එක්ව සිටින බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.  

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳට තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥණසාර හිමියන් දැනට රක්ෂිත බන්ධනාගාර ගතවයි පසුවන්නේ.

මේ අතර, දැනට වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින ස්වාමීන් වහන්සේලා කිහිප නමක් වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යවා තිබෙනවා.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මීගමුව සහ මහර යන බන්ධනාගාර වෙත මෙම ස්වාමීන් වහන්සේලා මාරු කර යවා ඇති බවයි.

උන්වහන්සේලාගේ ආරක්ෂාව සහ අනෙකුත් පහසුකම් මත මෙම තීරණය ගෙන ඇති බවද බන්ධනාගාර ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළා.