සෙබලෙකු සියදිවි හානි කරගනී

Monday, 22 February 2016 - 14:00

%E0%B7%83%E0%B7%99%E0%B6%B6%E0%B6%BD%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
යාපනය - පලාලි ගුවන් හමුදා කඳවුරේ සේවය කරන සෙබලෙකු එම කඳවුර තුළදී වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අද අලුයම ඔහු සිය රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගෙන මියගොස් ඇති බවයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගාල්ල - කරාගොඩ - උයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙක්.

ප්‍රේම සබඳතාවක් හේතුවෙන් ඔහු මෙලෙස සියදිවි හානිකරගන්නට ඇතැයි පොලීසිය සැක කරනවා.