හිටපු සමූපකාර හා වෙළඳ ඇමති ජොන්ස්ටන්ට නඩු

Tuesday, 23 February 2016 - 8:23

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B7%83%E0%B6%B8%E0%B7%96%E0%B6%B4%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB+%E0%B7%84%E0%B7%8F+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%A2%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94
සතොස ආයතනයට අයත් වෙළඳ භාණ්ඩ තොගයක් මුදල් නොගෙවා ලබාගෙන රජයට රුපියල් පනස් දෙලක්ෂ 75000ක පාඩුවක් සිදුකළ බවට චෝදනා කරමින් හිටපු සමූපකාර හා වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව නීතිපතිවරයා විසින් කුරුණෑගල මහාධිකරණයේ නඩුවක් ගොනු කර තිබෙනවා.

හිටපු අමාත්‍යවරයා මෙන්ම ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා සහ සතොස ආයතනයේ හිටපු සභාපතිවරයා ද මෙහි චූදිතයන් ලෙස නම් කර ඇති බව සඳහන්.  

2013 වසරේ පැවති වයඹ පළාත් සභා මැතිවරණයේදී තරඟ වැදුණු සිය පුත්‍රයාගේ ඡන්ද ව්‍යාපාරය සඳහා ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරයා සතොස ආයතනයෙන් මෙම භාණ්ඩ ලබාගෙන ඇති බවටයි නීතිපතිවරයා චෝදනා නගන්නේ.

මේ අතර හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකිරීමේ චෝදනා මත පවරා තිබූ නඩුවකදී ඇප මත මුදා හරිනු ලැබුවා.

 2010 වසරේ සිට වසර 5ක කාලයක් වත්කම් - බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් මොහුට විරුද්ධව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබුණා.

එහිදී ඇප නියම වූ විත්තිකාර මන්ත්‍රීවරයාට විදෙස් ගමන් තහනම් කරමින් විනිසුරුවරයා නියෝගයක් ද නිකුත් කළා.

මෙම නඩුව අප්‍රේල් මස 27 වන දා යළි කැදවනු ඇති.